Smile Up Dental Clinic

Smile Up Dental Clinic High quality denatl treatments.

15/02/2026
මුඛ පිළිකාව පිලිබන්ද ඔබ දැනගත යුතු මූලික කාරණා ඉතා  සරලව සහ  සංක්ෂිප්තව. 🤔🤔උපුටා  ගැනිම - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,පිලිකා නි...
22/12/2024

මුඛ පිළිකාව පිලිබන්ද ඔබ දැනගත යුතු මූලික කාරණා ඉතා සරලව සහ සංක්ෂිප්තව. 🤔🤔

උපුටා ගැනිම - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,පිලිකා නිවාරන ඒකකය.

ආඩිඅම්බලම  නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානක් සදහා සහායිකාවක් අවශ්‍යයි.  (වයස අවුරුදු 18 - 30 ත් අතර )අමතන්න - 070 4947450
12/02/2023

ආඩිඅම්බලම නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානක් සදහා සහායිකාවක් අවශ්‍යයි. (වයස අවුරුදු 18 - 30 ත් අතර )
අමතන්න - 070 4947450

21/03/2021

"දත් මැදීම සඳහා වැරදි දත් බුරුසුවක් තෝරා ගැනීම දත් සහ විදුරුමස් ගෙවී යාමට හේතු වෙයි. නිවැරදි දත් බුරුසුවක් තෝරා ගෙන එය වළක්වාගමු"

"දත් මැදීමට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් යොදා ගමු. ෆ්ලෝරයිඩ් දත් ශක්තිමත් කිරීමට හේතු වන අතර මුඛයේ සිටින අහිතකර බැක්ටීරියා අවම කිරීමට දායක වෙයි"

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් දන්ත වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි.
නිර්මාණය- ලෂාන් ජයතිලක, සජාන් රත්නායක.

හරි දේ පිළිපදිමු..
29/12/2020

හරි දේ පිළිපදිමු..

07/08/2020

දතක් ගැලවූ පසු කල යුත්තේ මොනවාද?

අපේ රටේ බොහෝ දෙනෙක් දත් ගැන සැලකිලිමත් බව අඩුයි.

මේ නිසාම දත් ගැලවීම කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ලබලා තියන අද්දැකීමක්.

නමුත්, දතක් ගැලවීමෙන් පසුව අනුගමනය කළ යුතු දේවල් බොහෝ අය නිවැරදිව දන්නේ නැහැ.

මේ නිසාම දත් ගැලවීමෙන් පසු විවිධ සංකුලතා ඇති විය හැකියි.

දතක් ගලවීමෙන් පසුව ඇතිවන සතුලතා අවම කර ගැනීමට මේ උපදෙස් පිළිපදින්න...

දත ගැලවීමට පෙර ඔබ එය ගැලවා දැමීමට හේතුව ( වේදනාව, සෙලවෙන දතක් වීම, කැඩුන දතක් විම ආදී....) වෛද්‍ය වරයාට පවසන්න. හානි වූ දත් නොගලවා වෙනත් ප්‍රතිකාර මගින් බේරා ගැනීමට බොහෝ අවස්ථා ඇති නිසා ඒ පිළිබඳව දන්ත වෛද්‍ය වරයාගෙන් විමසන්න.

තවමත් ඔබේ තීරණය දත ගැලවීම නම්,

දත ගැලවීමට පෙර ඔබට දැනට පවතින වෙනත් රෝග, Allergy සහ ඒවාට ලබා ගන්නා ඖෂධ පිළිබඳව සියලු තොරතුරු නිවැරදිව දන්ත වෛද්‍ය වරයාට ලබාදීමත් ඉතාම වැදගත්.

දතක් ගැලවු පසු දත ගැලවූ ස්ථානයේ දත්ත වෛද්‍ය වරයා තබන පුළුන් කැබැල්ල අවම පැය භාගයක් වත් තදින් සපා ගෙන සිටින්න.

ලේ වහනයක් නැතිනම් පුළුන් කැබැල්ල පැය භාගයකට පසුව ඉවත් කරන්න .

දත ගැලවූ දින තද උණුසුම් හෝ ඉතා තද ශීත ආහාර වලින් වලකින්න.

දත ගලවා පැය 24 ක් යනතුරු කෙළ ගැසීම හෝ කට සේදීම නොකළ යුතුයි.

දත ගැලවූ ස්ථානයට ඇඟිලි, දිව, හෝ භාහිර දේවල් දැමීමෙන් වලකින්න.

දිගටම ලේ වහනයක් වේ නම් නැවත පිරිසිදු ලේන්සුවක් හෝ පුළුන් කැබැල්ලක් දත ගැලවූ ස්ථානයේ තබා තදින් සපා ගන්න.

දත ගැලවීමෙන් පසුව දිගටම ලේ වහනය වීමක්, අධික වේදනාවක්, ඉදිමීමක් ඇති වුව හොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ලබා දෙන ඖෂධ නියමිත පරිදි ලබා ගන්න.

දතක් ගැලවීමෙන් පසුව ප්‍රතිජීවක ඖෂධ ( Antibiotics) ලබා ගැනීම අත්‍යාවශ්‍ය නැත.
නමුත් වේදනා නාශකයක් ලබා ගැනීමට අමතක නොකරන.

Address

Katunayaka Minuwangoda Road
Negombo
11558

Opening Hours

Monday 17:00 - 20:00
Tuesday 17:00 - 20:00
Wednesday 17:00 - 20:00
Thursday 17:00 - 20:00
Friday 17:00 - 20:00
Saturday 14:00 - 20:00
Sunday 14:00 - 20:00

Telephone

+94704947450

Website

Alerts

Be the first to know and let us send you an email when Smile Up Dental Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Smile Up Dental Clinic:

Share