Tooth Fairy Dental Ceylon

Tooth Fairy Dental Ceylon Making your smile even better

25/12/2025
28/06/2025

Many parents give their babies a bottle of milk at bedtime to help them fall asleep. While this may seem harmless, it can quietly harm your child’s teeth. When a baby falls asleep with milk in their mouth, the natural sugars in milk stay on the teeth for long periods. During sleep, saliva flow reduces, making it harder for the mouth to wash away these sugars.

This creates a perfect environment for bacteria to grow. The bacteria feed on the sugars and produce acid that attacks the tooth enamel. Over time, this leads to early tooth decay — especially in the upper front teeth — even if your child is very young or still has only baby teeth.

This kind of decay is known as nursing bottle caries. It can cause pain, infection, and even problems with speech or eating later on. That’s why it's important to avoid putting your child to bed with a bottle, and to clean their teeth or gums before sleep, even if they only have a few teeth. Early prevention protects their smile for life.

21/01/2025

෴ රුධිර පරීක්ෂණ මාලාව අංක 01 ෴

🩸සම්පූර්ණ රුධිර ගණනය කිරීමේ පරීක්ෂණය (FBC)

📌සම්පූර්ණ රුධිර ගණනය කිරීමේ (Full blood count) පරීක්ෂණයක් යනු ?
-රුධිර මිලිලීටරයකට රතු සෛල, සුදු රුධිරාණු සහ පට්ටිකා ගණන ගණනය කරයි.
-රතු රුධිර සෛලවල ප්‍රමාණය මැනීම සහ ඒවායේ සාමාන්‍ය (මධ්‍යනය) ප්‍රමාණය ගණනය කරයි.
-රතු රුධිරාණු (hematocrit/PCV) වලින් සෑදී ඇති රුධිරයේ අනුපාතය ගණනය කරයි.
-රතු රුධිර සෛලවල හීමොග්ලොබින් (Hb) ප්‍රමාණය මැන බලයි.

📌සම්පූර්ණ රුධිර ගණනය කිරීමේ පරීක්ෂණයකින් සොයන්නේ මොනවාද?

🩸රක්තහීනතාවය -
මෙයින් අදහස් කරන්නේ ඔබට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු රතු රුධිර සෛල හෝ එක් එක් රතු රුධිර සෛල තුළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු හිමොග්ලොබින් ඇති බවයි.

🔴නිදසුනක් වශයෙන්, ශ්‍රි ලංකාවේ රක්තහීනතාවයට වඩාත් පොදු හේතුව වන්නේ යකඩ නොමැතිකමයි. (හිමොග්ලොබින් සෑදීමට යකඩ අවශ්‍ය වේ.)

යකඩ ඌනතාවයට හේතුව (උදාහරණයක් ලෙස, ඔසප් වීමේදි අධික රුධිර වහනය) හෝ ඉතා බරපතල අවස්ථා (උදාහරණයක් ලෙස බඩවැල් හෝ ආමාශයේ පිළිකා) විය හැක.

📌රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ නිවැරදිව කියවා ගැනීමට ඔබ දැනුවත් ද?🩸💉

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස මෙහි දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.

📍Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) -පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි.
-මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ.
🧔🏻‍♂️වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL
👩🏻‍🦱වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ.

🚨මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.

📍WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය
(White Blood Count)
-මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි.
-සාමාන්‍යය අගයය 4000 – 11000 වේ.
🩸සුදු රුධිරාණු ⬆️-
-විවිධ ආසාදන සුදු රුධිරාණු වැඩි වීමට හේතු විය හැක.
-ඇතැම් අසාත්මිකතා නිසා eosinophilia ඇති විය හැක.
-ලියුකේමියාව යනු සාමාන්‍යයෙන්, අසාමාන්‍ය සුදු රුධිරාණු සෛල විශාල ප්‍රමාණයක් ඇති රුධිර පිළිකා වර්ගයකි.
ලියුකේමියා වර්ගය බලපෑමට ලක් වූ සුදු සෛල වර්ගය මත රඳා පවතී.

📍Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා -සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ.
-ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.

🩸රුධිර පට්ටිකා⬇️ (Thrombocytopenia)-
තැලීම් හෝ ලේ ගැලීම් නිසා ,ඩෙංගු වැනි විවිධ හේතු ඇත.

🩸රුධිර පට්ටිකා ⬇️(Thrombocytosis)
මෙයට හේතුව පට්ටිකා නිපදවන ඇටමිදුළුවල සෛල වලට බලපාන ගැටලුවයි.
Thrombocytosis යනු පිළිකා සඳහා 'මූලික’ දර්ශකයකි, එනම් එය කොතැනක හෝ පිළිකාවක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් සමඟ සම්බන්ධ වේ.

📍DLC/DC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ.
-විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ.
උදාහරණයක් ලෙස;
🩸බැක්ටීරීයා ආසාදනයකදී -⬆️ නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර
🩸වෛරස ආසාදනයකදී -⬆️ලිම්පොසයිට(වසා සෛල) ප්‍රමාණය ඉහල අගයයක් ගනී.
-මෙහි ප්‍රතිඵලය එම සෛල වර්ගය මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කෙරේ.
පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය අගයයන් වේ.

Neutrophils: 40 – 70%

Lymphocytes: 20 -50%

Monocytes: 4- 8%

Eosinophils: 0 – 6%

Basophils: 0 – 2%

📍RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.

⚪️MCV: රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ.
එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ.
-යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, ⬇️
-විටමින් B12 හා Folate වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගනී.⬆️

⚪️MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මනිනු ලබයි.
සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ.
-යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වේ.⬇️

⚪️MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) දෙනු ලැබේ.
එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.

📍RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ.
🧔🏻‍♂️පුරුෂයින් -මයික්‍රො ලීටරයට සෛල මිලියන 4.5 – 6.5
👩🏻 ස්ත්‍රීන්ගේ මයික්‍රො ලීටරයට සෛල මිලියන 4.0 – 5

📍HCT/PCV : රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ.
🧔🏻‍♂️පුරුෂයින්ගේ මෙය 39% – 47%
👩🏻ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයකි

📍Reticulocyte count : රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා ගනී.
-සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා
-රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින් නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා හැකිය.

📌රුධිර පටලයක් (Blood film) යනු කුමක්ද?
-මෙය තුනී රුධිර පටලයක් වන අතර එය අන්වීක්ෂයක් යටතේ පරීක්ෂා කරනු ලැබේ.
-මෙය ස්වයංක්‍රීය යන්ත්‍රය මගින් හඳුනාගත නොහැකි සෛලවල අසාමාන්‍ය හැඩයන් සෙවීමට භාවිතා කරයි.

🔴නිදසුනක් වශයෙන්,
-🪃දෑකැති සෛල රක්තහීනතාවයේ දී(sickle cell anaemia) ඇති වන රතු රුධිර සෛලවල ලාක්ෂණික 'දෑකැත්ත' (Sickle shape)හැඩය හඳුනා ගැනීමට.
-එසේම මැලේරියා පරපෝෂිතයා වැනි විෂබීජ ආසාදනය කරන ආකාරය රුධිර පටලයක දැකිය හැකිය.

📌වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය කුමන අවස්ථා වලදී ද?
උදා-
🩸රක්තහීනතාවය (Anaemia)
ඔබට රක්තහීනතාවය ඇති බව අනාවරණය වුවහොත්, ඔබේ රුධිරයේ ඇති යකඩ හෝ ඇතැම් විටමින් (B12 සහ ෆෝලික් අම්ලය) මට්ටම පරීක්ෂා කිරීම සඳහා තවත් රුධිර පරීක්ෂණයක් කිරීමට ඔබට උපදෙස් දිය හැකිය.

රක්තහීනතාවය සහ අනෙකුත් රුධිර සෛල ගැටළු සඳහා හේතුව සොයා ගැනීමට සමහර විට ඇටමිදුළු බයොප්සි (Bone marrow biopsy)අවශ්ය වේ.

🚨රුධිර සෛල සෑදී ඇත්තේ ඇටමිදුළු තුළය. අස්ථි මිදුළු සාම්පලයක් (බයොප්සි) අන්වීක්ෂය යටතේ පරීක්ෂා කර අසාමාන්‍ය වීමට හේතුව සොයා ගැනීමට උපකාරී වේ.

‼️සැ යු‼️
රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ.

නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය.

👩🏻‍⚕️එනිසා ම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි

✍🏽👩🏻‍⚕️ මම වෛද්‍ය තිමානි දයානන්ද
©Thimani Dayananda
Umaya medblog SL

https://www.facebook.com/share/1XjxHJyygr/?mibextid=wwXIfr

20/01/2025
17/01/2025
17/01/2025

෴ අත්‍යාවශ්‍ය ඖෂධ මාලාව - අංක 01 ෴

මොකක්ද මේ හැමදාම අනිවාර්යෙන්ම දවසේ එකම වෙලාවට ගන්න ඕන පෙත්ත 🤨

📌 වෝෆරින් යනු?

වෝෆරින් පෙතිවල අඩංගු වන්නේ වෝෆරින් සෝඩියම් (Warfarin Sodium) නැමැති රසායනික ද්‍රව්‍යයි

ඔබේ ශරීරය තුල රුධිරය කැටි නොගැසී පවත්වා ගැනීමට ස්වභාවික ආරක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.යම් රෝගී තත්ත්වයක් නිසා රුධිරය කැටි ගැසීමේ හැකියාව ඉහළ ගියහොත් එමගින් ඇතිවන ලේ කැටි ශරීරයේ කොතැනක හෝ රුධිර නාලයක සිරවීම නිසා අංශභාගය ,හෘදයාබාධ ,පෙනහළු වල ලේ කැටි හිරවීම,ප්‍රධාන ශිරාවල රුධිර කැටි ඇතිවීම සේම මරණය පවා ඇතිවිය හැකියි.

💊ඔබ ලබාගන්නා වෝෆරින් පෙත්ත මගින් එවැනි අහිතකර රුධිරකැටි ඇතිවීම වළක්වාලයි.

💊වෝෆරින් පෙත්තේ මාත්‍රාව INR නම් විශේෂ පරීක්ෂණය මත තීරණය වේ.

📌ගබඩා කිරීම
මෙය ගබඩා කිරීමේදී තෙතමනයට හෝ අධික තාපයට නිරාවරණය නොවන පරිදි සිසිල් වියළි ස්ථානයක ළමයින්ගෙන් ඈත් වන සේ ගබඩා කරන්න.

📌වෝෆරින් පෙත්ත නිවැරදිව ලබා ගන්නේ කෙසේද?

💊සෑම දිනයකම එකම වේලාවට ගත යුතුයි .සුදුසුම වේලාව සවස පහයි.🕔

💊ඖෂධය ශරීරයට හොඳින් අවශෝෂණය වන්නේ ආහාර නොමැතිව ගත්විටය.

💊සාමාන්‍යයෙන් වෝෆරින් ගැනීමට පැයකට පෙර හෝ වෝෆරින් ගෙන පැයක් යනතුරු වෙනත් ආහාර ගැනීමෙන් වලකින්න.🙅🏻‍♀️

💊නියමිත ඖෂධ මාත්‍රාව පමණක් ලබා ගන්න.
නිර්දේශ ප්‍රමාණයට අඩුවෙන හෝ වැඩිවෙන ලෙස ලබා ගැනීමෙන් වලකින්න.

💊බෙහෙත් වල හැඩය ,පැහැය ,මාත්‍රාව කලින් කලට වෙනස් වන විටදී එය ඖෂධවේදියාගෙන් විමසන්න.

💊නියම කර ඇති පරිදි INR පරීක්ෂණ සිදුකර සායනයට වාර්තාව රැගෙන යන්න.

💊සායන වලට සහභාගී නොවී ඖෂධ ෆාමසි වලින් ගෙන භාවිතා කිරීමෙන් වළකින්න.

💊වෛද්‍ය නියමයකින් තොරව හිතුමතේට මෙම පෙත්ත නතර කිරීම සිදු නොකළ යුතුයි.

💊යම් හෙයකින් ඔබට එක් මාත්‍රාවක් අතපසු වුවහොත් මතක් වූ සැණින් ලබා ගන්න.පසු දින වන තෙක් අතපසුවීම සිහිපත් නොවුනහොත් පසුදා මාත්‍රාව පමණක් ලබාගන්න.

📌ඔබ අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු කරුණු…

🔻යම් රෝගයකට බෙහෙතක් ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන මොහොතේදී ඔබ වෝෆරින් ලබාගන්නා බව පැවසිය යුතුයි.
🔻ශල්‍ය කර්මයකට ප්‍රථම හෝ දතක් ගැලවීම වැනි අවස්ථාවලදී ඔබ වෝෆරින් ගන්නා බව පැවසිය යුතුය.

📌වෝෆරින් පෙති භාවිතයෙන් ඇති විය හැකි ගැටලු මොනවාද?

🔅ප්‍රධානතම අතුරු ආබාධය නම්
අධික ලෙස රුධිර වහනය වීම ඇතිවිය හැකිවීමයි.
🔅නාසයෙන් ලේ ගැලීම
🔅තද දුඹුරු හෝ රතු පැහැයෙන් මුත්‍ර පිටවීම
🔅රතු හෝ කළු පැහැති මළ පිටවීම
🔅දත් මදින විට විදුරු මසින් ලේ වහනය වීම
🔅කැපුම් තුවාල සිදුවූ විට නොනැවතී රුධිර වහනය වීම

මීට අමතරව,

🔅තදබල හිසරදය, ක්ලාන්තය,
අත පය පණ නැතිවීම ,ඔක්කාරය, වමනය
🔅මුහුණ කකුල් ඉදිමීම ඇස් කහ වීම
🔅ඔසප් කාලයේදී අධික ලෙස රුධිර වහනය
🔅සම මතුපිට ඇතිවන නිල් හෝ කළු පැහැති ලේ පැල්ලම්
🔅අර්ශස් තුවාල වලින් දිගටම ලේ ගැලීම ආදිය ඇති විය හැකියි.

🚨ඉහත සඳහන් අවස්ථාවක් මතුවුවහොත් වෝෆරින් පෙත්ත නවත්තා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

📌වෝෆරින් පෙත්ත ලබා ගන්නා ඔබ දැනුවත් වී සිටිය යුතු ප්‍රායෝගික වැදගත් කරුණු මොනවාද?

‼️විටමින් K බහුලව අඩංගු ආහාර
( ගෝවා, බ්‍රොකලි ,නිවිතියා, සලාද කොළ,පලාවර්ග ,හරිත තේ, කොළ බෝංචි,කොල ඇපල්, අලිපේර ,කොළ මිදී) වැනි තද කොළ පැහැති ආහාර වැඩිපුර ගැනීමෙන් වලකින්න.
🥬🥦🫛🥑🍏

‼️මස් වර්ග හා කිරි සීමා සහිතව ආහාරයට ගන්න
🥩🍖🥛

‼️මත්පැන් භාවිතය නිසාද මෙම ඖෂධය ක්‍රියාකාරීත්වයට බාධා ඇති විය හැකියි ,සීමා සහිතව භාවිතා කරන්න 🍺🥃

‼️විශේෂයෙන් පාරම්පරික ඖෂධ වර්ග,විටමින් වර්ග, වේදනා නාශක වැනි දේ හිතුමතේට ලබා ගැනීමෙන් වලකින්න.

🚨ඔබ වෝෆරින් පෙත්ත ලබාගන්නා බවට සඳහන් කරන හැඳුනුම්පතක් හෝ කාඩ් පතක් ළඟ තබා ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

✍🏽👩🏻‍⚕️ මම වෛද්‍ය තිමානි දයානන්ද
©Thimani Dayananda
Umaya medblog SL

https://www.facebook.com/share/1XjxHJyygr/?mibextid=wwXIfr

This is not a new beginning, nor a fresh start......We just shifted our gears up.....Welcome 2025......
01/01/2025

This is not a new beginning, nor a fresh start......
We just shifted our gears up.....
Welcome 2025......

Address

363/A, Ihala
Hanwella
10650

Telephone

+94114411472

Website

Alerts

Be the first to know and let us send you an email when Tooth Fairy Dental Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Tooth Fairy Dental Ceylon:

Share