10/07/2026
ඩොක්ටර්.. මගේ ඉස්සරහ දත් අතර හිඩැස් තියෙනව. ඒව හදාගන්න ඕන. ප්ලේට් දාන්න වියදම් කරන්න අමාරුයි. ඩොක්ටර්ගෙ fb post එකක් දැකලයි මම කෝල් කලේ. මේක පුරවල හදන්න පුලුවන්ද කියල මට දැනගන්න පුලුවන්ද ?
ඒ.. මීට මාසෙකට විතර කලින් දවසක තරුණ ගැහැනු ළමයෙකුගෙන් ලැබුන දුරකථන ඇමතුමක්. එයාගෙ ඉදිරිපස දත් වල ඡායාරූපයකුත් මට whatsapp මාර්ගයෙන් එවල තිබුන.
පිරවුම් පරෙස්සම් කරගන්න පුලුවන් නම් හදල දෙන්නම් කිව්වම ඊට පහුවෙනිදම එන්නම් කියල එයා කිව්ව.
ගොඩක් දුර ඉඳන් එන නිසා මුල්ම පේෂන්ට් විදියට එයාව ඇතුලට ගත්ත.
දත් අතර හිඩැස් කීපයක්ම තිබුන. ඒව හදල දීල පරෙස්සම් කරල තියාගන්න කියල උපදෙස් දීල, දත් ටික බලන්න කන්නාඩිය දුන්නම ලස්සන හිනාවකුත් මූනෙ ඇඳුනා. ගොඩක් වෙලාව අරන්, ලොකු වෙහෙසක් අරන් ඔය වගේ ප්‍රතිකාරයක් කරල දුන්නම, පේෂන්ට්ගෙ මූනෙ ඇඳෙන අව්‍යාජ හිනාව තරම් වටින දෙයක් තවත් නෑ ඉතිං.
ඔය පහලින් තියෙන්නෙ ඩෙන්‍ටල් එක ඇතුලට එනකොට දත් තිබුන විදියයි, ආපහු යනකොට දත් වල විදියයි.
Dhanushka Ranasinghe
Opal Dental Solutions
Pinnaduwa
0715757695