Naveen

Naveen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naveen, Colombo.

"Managing Director at Ceylon Travel & Health (PVT) LTD | Director (Production) at Protomed CMF | Vice Chairman at The Trip Connection | Vice President of Sri Lanka Modern Pentathlon Federation | Passionate about community service and social impact."

🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් 20ක් - 2025 අප්ඩේටඩ්! 🌟සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහ�ළ නංවන්...
10/08/2025

🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් 20ක් - 2025 අප්ඩේටඩ්! 🌟

සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහ�ළ නංවන්න ඕනද? Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා! 🎉 2025 මාර්තු 21 වෙනකොට active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්! 💻📚 AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! ✨

🎯 1. Google AI Essentials

⏳ කාලය: පැය 10කට අඩු💡 AI ගැන මූලික දැනුම ඕන කෙනෙකුට! Prompt engineering, content creation වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්.🎖️ සහතිකය: Free badge🔗 (https://grow.google/certificates/ai-essentials/)

🖥️ 2. Introduction to Generative AI

⏳ කාලය: පැය 1-2💡 Generative AI ගැන මූලික හැඳින්වීමක්. Google එකේ AI tools භාවිතයත් එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/536)

🔒 3. Cybersecurity Basics

⏳ කාලය: පැය 8💡 Cyber තර්ජනවලින් ආරක්ෂා වෙන්න ඉගෙන ගන්න. Entry-level jobs සඳහාත් perfect!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/621)

📈 4. Fundamentals of Digital Marketing

⏳ කාලය: පැය 40💡 SEO, Google Ads, Analytics එක්ක ඩිජිටල් මාකටින් ලෝකයට ගමනක්!🎖️ සහතිකය: Free certificate🔗 (https://learndigital.withgoogle.com/digitalgarage/course/digital-marketing)

💾 5. Google IT Support Fundamentals

⏳ කාලය: පැය 10💡 IT support ගැන මූලික දැනුම. Troubleshooting, networking ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/622)

📊 6. Data Science with Python

⏳ කාලය: පැය 20💡 Python එක්ක ඩේටා ඇනලිටික්ස් ඉගෙන ගන්න ආරම්භකයන්ට!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/623)

🌐 7. Google Analytics for Beginners

⏳ කාලය: පැය 4💡 Google Analytics භාවිතයෙන් වෙබ්සයිට් performance බලන්න ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://skillshop.exceedlms.com/student/path/17758-google-analytics-for-beginners)

⚙️ 8. Introduction to Google Cloud

⏳ කාලය: පැය 2💡 Google Cloud ගැන මූලික හැඳින්වීමක්. Cloud computing ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/624)

📱 9. UX Design Basics

⏳ කාලය: පැය 10💡 User experience design ගැන ඉගෙන ගන්න Google experts ලගින්!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/625)

🔍 10. Power Searching with Google

⏳ කාලය: පැය 6💡 Google search එකේ pro එකෙක් වෙන්න shortcuts එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.edx.org/course/power-searching-with-google)

📧 11. Gmail Productivity

⏳ කාලය: පැය 2💡 Gmail එක efficient විදිහට භාවිත කරන්න ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/626)

🛠️ 12. Google Ads Certification Prep

⏳ කාලය: පැය 5💡 Google Ads campaigns ගැන මූලික දැනුමක් ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://skillshop.exceedlms.com/student/path/18049-google-ads-certification)

🤖 13. Machine Learning Crash Course

⏳ කාලය: පැය 15💡 ML ගැන ඉක්මනින් ඉගෙන ගන්න Google එකේ experts ලගින්!🎖️ සහතිකය: Free badge🔗 (https://developers.google.com/machine-learning/crash-course)

🗣️ 14. Effective Communication Skills

⏳ කාලය: පැය 3💡 Communication skills improve කරගන්න Google style එකෙන්!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/627)

🏢 15. Project Management Basics

⏳ කාලය: පැය 10💡 Project management ගැන මූලික දැනුම ඕන කෙනෙකුට!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/628)

🌍 16. Google Maps Platform Intro

⏳ කාලය: පැය 3💡 Google Maps API එක භාවිතයෙන් interactive maps හදන්න ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/629)

📝 17. Google Docs Mastery

⏳ කාලය: පැය 2💡 Google Docs එකේ pro එකෙක් වෙන්න tips එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/630)

⚡ 18. Responsible AI Practices

⏳ කාලය: Pැය 1.5💡 AI ethically භාවිත කරන්න ඉගෙන ගන්න Google එකේ approach එකත් එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/631)

📲 19. Android Basics

⏳ කාලය: පැය 12💡 Android app development ගැන මූලික දැනුමක් ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://developer.android.com/courses/android-basics-kotlin/course)

🌟 20. Career Development with Google

⏳ කාලය: පැය 5💡 ඔබේ කැරියර් එක ඉහළට ගන්න skills ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://grow.google/certificates/career-development/)

🌈 ඇයි Google කෝර්සස් තෝරගන්නේ?

• නොමිලේ: Registration fee එකක් නෑ! 💸
• Flexible: ඔබේ වේලාවට ඉගෙන ගන්න! ⏰
• සහතික: Free badges/certificates එක්ක CV එක බූස්ට් කරගන්න! 📜
• Google Quality: ලෝකෙටම පිළිගත් experts ලගින් ඉගෙන ගන්න! 🌍

💡 කොහෙන් enroll වෙන්නද?

• Google Digital Garage: (https://learndigital.withgoogle.com)
• Google Cloud Skills Boost: (https://www.cloudskillsboost.google)
• Grow with Google: (https://grow.google)

එකක් තෝරලා ඉගෙන ගන්න ගමන ආරම්භ කරන්න! 🚀 2025 ඔබේ skillset එක shine කරන්න Google එක්ක! 🌟

Copied

මේ ලිපියේ දැක්වෙන්නේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම ගැන ලෝකයේ ප්‍රකට නායකයන් දැක්වූ අදහස්වල එකතුවකි. ඉතිහාසය ඉගෙනීම යනු අතීතය ...
05/08/2025

මේ ලිපියේ දැක්වෙන්නේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම ගැන ලෝකයේ ප්‍රකට නායකයන් දැක්වූ අදහස්වල එකතුවකි. ඉතිහාසය ඉගෙනීම යනු අතීතය උදෙසා නොව අනාගතය උදෙසා කෙරෙන ආයෝජනයක් බවද, රටක ඉතිහාසය මකා දැමීම හුදකලා කාරණයක් නොව යටත්විජිත ආධිපත්‍ය උදෙසා අතීතයේ මෙන්ම වර්තමානයේද භාවිත වන ප්‍රබල දේශපාලන මෙවලමක් බවද, තනි තනි පුද්ගලයන්ට රස්සා ලබාගැනීම වැනි සීමිත කාරණාවලින් ඔබ්බට ගිය මහා ජාතික අරමුණක් රටක ඉතිහාස අධ්‍යාපනය තුළ ඇති බවද ඔවුන්ගේ අදහස් තුළින් මනාව පැහැදිලි වේ. මෙය ඉතිහාසය පිළිබද ලංකාවේ ඇතැම් උගතුන් තුළ වන පසුගාමී ආකල්පයන්ට ලෝක නායකයන් විසින් ලබා දුන් කදිම පිළිතුරු එකතුවකි.

👉 ඉතිහාසය අමතක කරන ජාතියකට අනාගතයක් නැත. 💥අමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩි

👉 ඉතිහාසය හොඳම පෙළපොතයි. එය මිනිසුන්ට අතීතය තේරුම් ගැනීමට, වර්තමානය දැකීමට සහ අනාගතය පුරෝකථනය කිරීමට උපකාරී වේ. අපි අපගේ ඉතිහාස ආඛ්‍යානය ශක්තිමත්ව තහවුරු කළ යුතු අතර එය විකෘති කිරීමට සතුරු බලවේග දරනා උත්සාහයන් පරාජය කළ යුතුය. 💥 චීන ජනපති ජී ජින් පින්

👉 ඉතිහාසය විකෘති කිරීමට ගන්නා උත්සාහයන් යනු ජාතියක පැවැත්මේ පදනම නැවත සකස් කිරීමට දරන උත්සාහයන්ය. 💥රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්

👉 ඉතිහාසය අමතක කිරීම යනු ජාතියක් අලුත් ආකාරයේ ආධිපත්‍යයයන්ට ගොදුරු කිරීමකි. නව යටත් විජිතවාදයේ පීඩනයට එරෙහිව ස්වාධීන සහ ස්වයං පෝෂිත රටක් ගොඩනැගීමට ඉතිහාස පිළිබද අවබෝධය අපට අතිශයින්ම වැදගත්ය. 💥 ඉන්දීය අගමැති නරේන්ද මෝදි

👉 අප්‍රිකානු ඉතිහාසයන් මකා දැමීම යටත් විජිත පාලනයේ නවතම ආකාරයයි. ඉතිහාසය නොමැතිව මිනිසුන්ට ඔවුන්ගේ බලය හා ස්වාධීනත්වය අහිමි වේ. අපේ ඉතිහාසය අමතක කිරීම යනු අප තව දුරටත් වහල්භාවයේ ගිලී යාමය.💥 කොංගෝවේ හිටපු ජනපති පැට්‍රික් ලුලුම්බා

👉 ඉතිහාසය වනාහී රටක ජනතාව අත තිබිය යුතු අත්‍යවශ්‍ය අවියකි. 💥 චීනයේ විප්ලවීය නායක මාඕ සේතුං

👉 ඉතිහාසයක් නොමැති ජාතියක් මුල් නොමැති ගසක් වැනිය. අනාගතයක් ගොඩනැගීමට නම්, අපි අපේ අතීතය තේරුම් ගෙන ඉගෙන ගත යුතුය.💥 දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා

👉 අපේ ඉතිහාසය අනාගත පරම්පරාවන් සඳහා සාමය සහ සමෘද්ධිය ගොඩනඟන පදනමයි. 💥ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජලා මර්කල්

👉 අනාගතය අයිති වන්නේ අතීතයෙන් ඉගෙන ගෙන වඩා හොඳ හෙට දවසක් ගොඩනැගීම සඳහා එහි පාඩම් වැළඳ ගන්නා අයට පමණි. 💥 අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා

👉 වැරදි නැවත නොකිරීමට සහ අපගේ දරුවන්ට සුදුසු ජාතියක් ගොඩනැගීමට අපි අපගේ ඉතිහාසය තේරුම් ගත යුතුය. 💥සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ

👉 ඉතිහාසය කෙරෙහි ගැඹුරු ගෞරවයක් පැවතීම සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට අපට මඟ පෙන්වයි. - 💥 ජපාන හිටපු අගමැති ෂින් සෝ ආබේ

👉 ජාතියක සංස්කෘතිය සහ ඉතිහාසය එහි ජනතාවගේ හදවත් තුළ සහ ආත්මය තුළ සදාතනිකව නිදන්ගතව පවතින්නකි. 💥 මහත්මා ගාන්ධි

👉 නව සමාජයක් ගොඩනැගීම සඳහා, ජනතාවක් ඔවුන්ගේ අතීතයෙන් පාඩම් උගෙන ඔවුන්ගේම ඉතිහාසය මත ශක්තිමත්ව පා තබා ගත යුතුය. 💥 වියට්නාම් විප්ලවීය නායක හෝ චි මින්

👉 යටත් විජිත බලවතුන් පාලනය පවත්වා ගැනීම සඳහා යටත් විජිතකරණය වූවන්ගේ ඉතිහාසය සහ අනන්‍යතාවය මකා දැමීමට උත්සාහ කළහ. ඉතිහාසය නැවත ලිවීම නව යටත් විජිත ආධිපත්‍යයේ මෙවලමකි. 💥 දාර්ශනික ෆ්‍රාන්ට්ස් ෆැනන්

👉 යටත් විජිත පාලකයින් ඔවුන්ගේ පාලනය සාධාරණීකරණය කිරීම සඳහා ඉතිහාසය නැවත ලිවීමට උත්සාහ කළහ. ඊට එරෙහිව ඉතිහාසය පිළිබද සත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම අපගේ යුතුකමයි. 💥 හිටපු ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු

👉 සංස්කෘතික හා ඉතිහාසය පිළිබද අවබෝධයකින් තොරව හුදු ආර්ථික වර්ධනයක් මගින් පමණක් සමාජයක් පවත්වා ගත නොහැක. 💥 ඉන්දියානු ආර්ථික විද්‍යාඥ අමර්ත්‍යා සෙන්

(මෙය පොත් සහ අන්තර් ජාල මූලාශ්‍ර ගණනාවක් ඇසුරින් සකස් කළ ලිපියකි. කියැවීමේ පහසුව තකා මූලාශ්‍ර පිළිබ‍ද සංකීර්ණ තොරතුරු රහිතව කෙටියෙන් අදාළ අදහස් පමණක් ඉදිරිපත් කොට ඇත.)

🔥  වලින් අර ලොකු   එකක් ගහල   ගන්න එක වෙනුවට, ඉස්සරහට කෙලින්ම   එක   එකට Connect කරන එක තමයි අළුත්ම   එක. මේකට කියන්නේ D...
04/08/2025

🔥 වලින් අර ලොකු එකක් ගහල ගන්න එක වෙනුවට, ඉස්සරහට කෙලින්ම එක එකට Connect කරන එක තමයි අළුත්ම එක. මේකට කියන්නේ Direct-to-Sell කියලා.

මේකෙදි Phone එක සහ එක Direct Connect වෙනවා. මේකෙන් වාසි ගොඩක් තියෙනවා.

📡. ඉස්සරහට Physical Sim නැතිම වෙලා යයි. ඕනෑම තැනක ඉඳන්, ඕනෑම රටක ඉඳන් ලේසියෙන්ම Satellites වලට Connect වෙන්න පුළුවන් නිසා, e-sim එකක් තිබුණහම හොඳටම ඇති. (e-sim එකක්වත් නැතුව Connect වෙන විදිහකුත් Starlink සමාගම හඳුන්වා දෙන්න යනවා කියනවා. නමුත්, ඒ ගැන විස්තර හොයාගන්න නෑ! දැනට Official කියල නෑ!)

📡. ඔයාල දකින්න ඇති මුළු ලංකාවෙම ඕනෑම තැනකට දැන් Starlink වලින් සේවය ගන්න පුළුවන්. ඒ කියන්නේ, ඕනෑම කෑලේකට දැන් තියෙනවා. හැබැයි, අවුරුදු ගාණක් ගියත්, තවමත් / වලටවත් Signal නැති තැන් මේ පොඩි රටේ තියෙනවා. ඉතිං, ඉස්සරහට Satellite නිසා, ආයෙමත් නෑ කියල අඬ අඬ ඉන්න ඕනේ නෑ.!

📡. මේ Satellite හරහා Data විතරක්ම නෙවෙයි, Voice Call, SMS එහෙමත් යවන්න පුළුවන්! දැනට Starlink සමාගම සහ T-Mobile සමාගම මේ තාක්ෂණය අත්හදා බලමින් ඉන්නේ. මේකෙදි Starlink Satellite වල තියෙන e-Node B modem එක හරහා දැනට අපි පාවිච්චි කරන Phone එකම Software Update එකකින් පමණක් Satellite එකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙයාල දැනටමත් Iphone - 14, Iphone - 16, Samsung - S23, Galaxy Z Flip 6 සහ Google Pixel - 9 කියන Phones සාර්ථකව Satellite එකට Connect කළා.

ලබන ජූලි 23 ඉඳල මුලින්ම Text msg සඳහාත්, ඉන්පසුව Voice Call සහ Data Service දෙන්නත් T-Mobile ලෑස්ති වෙනවා. ඔයාල දන්නව ඇති දැනටමත් Iphone වල Signal නැති තැනක නම් ඉන්නේ, Satellite එකක් හරහා SOS පණිවිඩ යවන්න පුළුවන් කියලා. මේ කියන්නේ අන්න ඒ තාක්ෂණයේම තව දියුණුවක්. ඉතිං, Starlink සමාගම කියන විදිහට 2026 ඉඳල මුළු ලෝකයේ කොහේ ගියත්, ඔයාට එකම e-sim එකෙන් Satellite හරහා සියළුම සේවා ලබාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ, Signal නැති ප්‍රශ්ණය සදහටම ඉවරයි. ඉතිං 2026 ඉඳලා ලංකාවේ ISP ලොකු සීන් බල බල අසාධාරණ විදිහට අපිව හූරන් කාපු එකට තිත තියන්න පුළුවන් වෙයි කියල අපි බලාපොරොත්තුවක් තියාගමු.

මින් වසර 38 කට පෙර අදවන් දිනෙක ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කෙරිනි.එම ගිවිසුමේ එකඟතා ප්රකාරව ඉන්දියානු සාම සාධක හමුදාවේ...
29/07/2025

මින් වසර 38 කට පෙර අදවන් දිනෙක ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කෙරිනි.

එම ගිවිසුමේ එකඟතා ප්රකාරව ඉන්දියානු සාම සාධක හමුදාවේ පළමු හඨ පිරිස හෙට එනම් 1987 ජූලි 30 දා පලාලි ගුවන් තොටුපොලින් ශ්රීලංකාවට පැමිනියා.

ඒ වනවිට මෙ පසුබිම් සංදර්භය වී තිබුනේ ශ්රීලංකා යුද හමුදාව සතුව පැවති ඉතාමත්ම සීමිත සංඛ්යා බලය උපයෝගී කරගෙන අමාරුවෙන් ගොඩනගා ගත් බ්රිගේඩ් දෙකක් තොන්ඩමනාරු තුඩුව හරහා වඩමරච්චියට ඇතුළුවී එහි බලය සියතට ගෙන තිබීමයි.එම එක් ප්රහාරක බ්රිගේඩයක් එවකට බ්රිගේඩියර වරයකුව සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේත්, අනෙක එවකට කර්නල් වරයකුව සිටි විජය විමලරත්න යටතේත් එකී ක්රියාන්විතය දියත්වුනා.

සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම සඳහා මෙහි පැමින සිටි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාට නාවික භටයකු විසින් රයිෆල් බඳෙන් පහරදීමට ගත් උත්සාහය සහ ශ්රීලංකා නිදහස් පක්ශයේ මෙහෙයවීමෙන් පිටකොටුවේ බෝධිය අසල ආරම්භකර තිබූ විරෝධතා කරනකොට ගෙන රට පුරාම සිවිල් නොසන්සුන් තත්වයක් හටගෙන තිබුනා.

ඒ වනවිට මා සිටියේ පලාලි ආරක්ශ සේවා මූලස්ථානයේ ආඥාපතිව සිටියේ බ්රිගේඩියර් ජෙරී සිල්වායි. එහි කර්නල් ප්රධාන මාණ්ඩලික (මෙහෙයුම්) ලෙස කර්නල් විජය විමලරත්නත්, භට කාර්ය ආඥාපති ලෙස කර්නල් තිලක් පොන්නම්පෙරුමත් සේවය කරමින් සිටියා. මම එහි සඥා නිලධාරී වශයෙන් සිටියා.

1987 ජූනි 30 උදේ 10.00 පමන වන විට හදිසියේම ඉන්දියානු හමුදාව පලාලි ගුවන් තොටුපොලින් මෙහි ගොඩ බසින බවට ආඥාපති වරයා වෙත ආරක්ශක අමාත්යාශයෙන් දැනුම්දී තිබුනා. ඉන් පැය කිහිපයකට පසුව ඉන්දියානු ගුවන් හමුදාවේ Ilyushin Il-76 සහ AN – 32 යානාත් විශාල හෙලිකොප්ටර් මගිනුත් පලාලි ගුවන්තොට වෙත ඉන්දියානු හමුදා පැමිනෙමින් තිබුනා.

ඉන්දියානු හමුදා සේනාංකය භාරව පැමිනෙන ජෝෂ්ඨ අණදෙන්නා වන කිසියම් ජනරාල් වරයකු සුහදව ගෞරවාන්විතව පිලිගන්නා ලෙස ලකා ආරක්ශක අමාත්යාංශය උපදෙස් දී තිබුනු හෙයින් බ්රිගේඩියර් ජෙරී ද සිල්වා, කර්නල් විජය විමලරත්න සමග ගුවන් තොටුපොල වෙත ගියා. ආඥාපති වරයාගේ සංඥා නිලධාරියා වශයෙන් ඔහු යන තැනක යාමේ වගකීම මාවෙත පැවරී තිබුන හෙයින් මාද මහත් සතුටින් ජීප් රියේ පිටුපසින් එල්ලී එහි ගියා.

එකක් පසු පසින් තවත් එකක් වශයෙන් ගුවන් යානා පැමිනෙමින් තිබූ අතර ඒවායේ බොහෝ කාලයක සිට මෙහි ගොඩ බැස්වීම සඳහා ත්රිවැන්ද්රම්හි Stand by කොට සිටි ඉන්දියානු හමුදා භටයින් පැමිනෙමින් සිටියා. එහෙත් අප පිලිගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඒ ජ්යෝෂ්ඨ නිලධාරියා පැමිනෙන බවක් පෙනෙන්නට තිබුනේ නෑ. පැමිනෙමින් තිබුනේ කර්නල් නිලයේ සිට පහලට භට පිරිස්මය.

බොහෝ වේලාවක් ඝර්ම කලාපීය අව්වේ හොඳම හරිය වැටෙන පලාලි ගුවන්තොටෙහි හිටගෙන සිටීමෙන් විඩාපත් බ්රිගේඩියර් ජෙරී ද සිල්වා කර්නල් විජය විමලරත්න අමතා “Vijaya Im hungry and thirsty, We’ll go and have a quick snack and return man’ කිව්වා. ඉන්පසු මා අමතා “Young man you have to be extra vigilant and report any important development ok. Hold the fort until us return” කියා උපදෙස් දුන්නා. මම සුපුරුදු පක්ශපාතීත්වය ප්රකාශ කර අඩියක් පිටුපසට ගෙන ආචාර කලා.

දෙවියනි ඔබ කොහිද ...? ජ්යෝෂ්ඨ නිලධාරීන් දෙදෙනාම පර්යන්තයෙන් පිටත්ව ගොස් විනාඩි කිහිපයක් ඇතුලත් ඉන්දියන් හමුදාවේ පැමින සිටි භට පිරිස් දඩි බිඩි ගා නොසන්සුන් වන්නට විය. ඒ සමගම ගුවන් යානයකින් ගෙන ආ ඉදිරියෙන් තරු දෙකක් ගැසූ වහල නොමැති මහේන්ද්රා ජීප් රියක් පසෙක සූදානම් ව සිටියි. දැන් විය යුතු සියල්ලම මගේ අවාසනවටම සිදුවෙමින් පවතියි.

කනිෂ්ඨ ලුතිනන් වරයකුට මුහුනදීමට සිදුවිය හැකි අතිමහත් ව්යාකූල තත්වයකට මා නිරාවරණය වෙමින් සිටියි. මන්ද මේ මහා හමුදාව භාරව මෙහි පැමිනෙන ඒ ජ්යෝෂ්ට උත්තමයා පිලිගැනීම සඳහා සුදුසු කිසිවෙක්ම ගුවන්තොටුපොලෙහි නොමැත. එහි ඒ වනවිට රැඳී සිට් එකම තරු පන්තියේ නිලධාරියා මමයි. ඒ වනවිටත් තත්වය බැරෑරුම් බව කර්නල් විජය විමරත්න මහතාට දැනුම් දී ඉදිරියට එන ඕනෑම දේකට මුහුනදීමට සූදානම් වුනෙමි.

යුද හමුදාවේ කනිෂ්ට නිලධාරීන් කුමක් කලද (යුද පෙරමුණේදී හැර) එය too smart ක්රියාවක් වශයෙන් අවසානයේදී ජ්යෝෂ්ටයින්ට තීන්දුවක් ලබාදිය හැකිය. ඒනිසා මා කලයුත්තේ කුමක්දැයි විපිලිසරයෙන් සිටිද්දී මගේ මතකයේ හැටියට ගුර්කා තොප්පියක් පැලඟත් මධ්ය ප්රමාණයේ උසකින්ද, ප්රතාපවත් සුදුවූ කරකවන ලද උඩු රැවුලකින්ද හෙබි මේජර් ජනරාල් වරයෙක් මා දෙසට ඇවිද එමින් තිබිනි. එහෙත් එය සිදුවිය යුතු නොවේ. මම ඉදිරියට ගොස් ඔහුට ආචාර කොට පිලිගතිමි.

මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටි ඔහු සිනා සෙමින් ඇසුවේ “Are you a lieutenant or Lieutenant Colonel?” කියායි. මම ලුතිනන් වරයකු බවත් ඔබතුමා පිලිගැනීම සඳහා මෙතෙක් වේලා මෙහි රැඳී සිටි මේ ප්රදේශයේ ජ්යෝෂ්ඨම නිලධාරීන් දෙදෙනා දිවා ආහරය ලබා ගැනීමට ගොස් බවත් කීවෙමි. ඒ සමගම “Ah, Its Okay, I will go there” යයි පැවසූ හෙතෙම තමන් වෙනුවෙන් සූදානම්ව තිබූ වාහනයෙන් පලාලි ආඥා ප්රදේශ මූලස්ථානය වෙත යාමට පිටත් වුවද, ඒ වනවිට බ්රිගේඩියර් ජෙරී ද සිල්වා සහ කර්නල් විමලරත්න එදෙසට ඇවිද එමින් සිටියා.

එතනින් පසු බොහෝ දේ සිදුවූ අතර දැන් නම් අපේ රටේ ජීවත්වන බහුතරයක් ඒ සිදුවීම් ගැන කිසිවක්ම දන්නේ නැති බවකුයි පෙනෙන්නේ. පොත් ලියන්න කියන්න එපා. මොකද දැන් යුද්දය සම්බන්දව ඕනෑ තරම් පොත් ලියවී හමාරයි. පොතක් ලිව්වොත් විකුනා ගැනීම අමතර ආතතියක් දරන්න වෙන්නේත් මටමයි. මට හිතුන වෙලාවක මතකයට එන දෙයක් මේකෙ ලියල දාන්නම්.

Karunarathne

1996 ජූලි 18 අද වැනි දිනක අලුයම... ඒ කියන්නේ ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ සොල්දාදුවන් වැඩිම සංඛ්‍යාවක් කොටි ත්‍රස්තවාදී ප්‍රහ...
18/07/2025

1996 ජූලි 18 අද වැනි දිනක අලුයම...

ඒ කියන්නේ ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ සොල්දාදුවන් වැඩිම සංඛ්‍යාවක් කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයක් හමුවේ දිවි පුදපු නොනවතින රැල්ල ආරම්භ වුන දවස. මුලතිව් නගරය නැත්තටම නැති වූ දිනය. අදට වසර 29ක්. සතියකට වැඩි කාලයක් පැවති ඒ මුලතිව් ප්‍රහාරයෙන් 25 වෙනි බලසේනාව යුද හමුදාවට අහිමි වුණා. නැතිවුන රණවිරු ජීවිත සංඛ්‍යාව 1600 කට ආසන්නයි. බලසේනාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් නිවාඩු ගොස් සිටි ඒ රාත්‍රියේ ඇරඹි ප්‍රහාරය මනා ලෙස සැලසුම් කරන ලද්දක්. 6 වැනි විජයබාහු, 9 වැනි සිංහ රෙජිමේන්තු සමග නාවික හමුදා අණුඛන්ඩයක්, පොලිස් නිලධාරී ඛණ්ඩයක සිටි පිරිස් සහ සිවිල් සේවකයන් එලෙස දිවිපිදූ විරුවන් අතරට අයත්.
කණගාටුවට කරුණ නම් වලවල් ගොඩදාන අයට මේ සමූහ ඝා තන අපරාධ ලෙස නොපෙනීමයි.

මේක කියවන්නම ඕන කතාවක්.... (නිවාඩු පාඩුවේ කියවන්න share කරගෙන හරි තියාගන්න) රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ?මම මේ ලියන...
16/07/2025

මේක කියවන්නම ඕන කතාවක්.... (නිවාඩු පාඩුවේ කියවන්න share කරගෙන හරි තියාගන්න)

රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ?

මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්.

කියවල බලන්න එතකොට තේරුම් යාවි කොයිතරම් අමිහිරි ද කියල.

මම_උසස් අධ්‍යාපනය ලැබුවේ_රුසියාවේ.මම හිතන විදිහට අපි තමයි_රුසියාවට ශිෂ්‍යත්වෙන් ගිය අවසාන කණ්ඩායම හෝ අවසන් කණ්ඩායමට පෙර කණ්ඩායම.

අපි_රුසියාවට යද්දී ඒ රටට කිව්වේ_සෝවියට් සමාජවාදී_සමුහාණ්ඩුව කියලයි. නමුත් අපි ගිහිං යන්තම් වසරක් 1991 දෙසම්බරේ දී සෝවියට්_සමුහාණ්ඩුව විසිරුවා හරිනු ලැබුවා.

ඒ සමගම සාමුහිකව කෙරුණු බොහෝ කටයුතු ක්ෂණිකව කඩා වැටෙන්න පටන්ගත්ත. යුක්‍රේනයේ_නිෂ්පාදන_රුසියාවට ආවේ නැහැ.

රුසියාවේ _නිෂ්පාදන_බෙලොරුසියාවට ගියෙත් නැහැ. සෝවියට්_සමුහාණ්ඩුව එවකට ඇමරිකා_එක්සත් ජනපදය හා කරට කර සිටි ලෝකයේ එකම_රටයි.

එහෙම රටක මම මේ ලියන දේවල් වුණා කිව්වොත් සමහර විට ඔබ පිළිගන්නේ නැතිවෙයි.

විදුලි වේගයෙන් ගිය දුම්රිය_රුසියානු සමුහාණ්ඩුව අවසන් වන තැනදී නතර වුණා. ඉන් එහාට දුම්රිය ගියේ ලංකාවේ_වගේ ඩිසල් එන්ජින්වලින්.

මොස්කව්වලින් ගත්තු දොඩන් ගෙඩි ගාන හතරකට වැඩි නම් ගෙනියන්න දෙන්නේ නැහැ. විදේශිකයන්_වූ අපට වීසා ගැනීම අනිවාර්ය වුණා. විසා නැත්නම් බැස්සුවා.

කන බොන දේවල් වැඩිපුර තිබුණ නම් බෝඩර් හරහා ගෙනියන්න ලැබුණේ නැහැ. අම්ම_රුසියන් තාත්ත_යුක්‍රේන් වුණ පවුල් ලක්ෂ ගණනක්_රුසියාවේ ඉන්නවා. ඒ මිනිස්සු ගමේ ගියේ රට යනවා වගේ.

මුදලේ අගය පහත යන්න පටන්ගත්තු නිසා අත්‍යවශ්‍ය ආහාර නිපදවපු ෆැක්ටරිවලින් ගොවි බිම් වලින් එයාලගේ නිෂ්පාදන යවන එක නතර කරලා ඒවා එයාලගෙම පරිභෝජනයට තියා ගත්ත.

ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මා ජීවත් වූ මොස්කව්_නුවර ඇතුළු නගරවල හිඟ වෙන්න පටන්ගත්ත. වැඩිපුර ම අවශ්‍ය වුණ පාන් අර්තාපල් කිරි බිත්තර මස් දුලබ වෙන්න පටන්ගත්ත.

අපි කඩේට දෙයක් ගන්න ගියොත් ඒ දේ කඩේ තිබ්බේ නැහැ. නමුත් අපට තව ටික දවසකින් වුවමනා වෙයි කියල හිතෙන යමක් කඩේ තිබුණොත් අපි වහාම ඒ දේ මිල දී ගන්න පුරුදු වුණා.

අපි හැමෝම අපේ බෑග් එක ඇතුලේ ලොකු මල්ලක් නවල නවල දාගෙන යන එක පුරුද්දට වගේ කරන්න පෙළඹුණා. කඩවල් ඉස්සරහ රුසියානුවෝ_පෝලිම්වල පැය ගණන් ඉන්න පටන්ගත්ත.

බොහෝ විට දරුවෝ වැඩට ගියාම වයසක උදවිය තමයි මේ පෝලිම් වල හිටියේ.

වසර 70 ක් පුරාවට තිබුණ_සමාජවාදී පාලනය විසින් ජනතාව තුළ ඇතිකර තිබු මානව ගුණධර්ම දවස ගානේ පිරිහෙන්න පටන් ගත්තා.

බඩගින්න ආවම ඒවා කොහොමත් පිරිහෙනවා නේ.

ඇඳුම් පැළදුම් නැතුව ගියා. කාන්තා යට ඇඳුම් නැත්තටම නැති වුණා. තරුණ මහලු කාන්තාවන් ඉතා දිග පෝලිම්වල හිටියේ තමන්ට ගන්න ලැබෙන කුමක් හෝ යට ඇඳුමක් ගැනීමේ බලාපොරොත්තුවෙන්.

විදුලි උපකරණ විකුණු කඩවල කිසිවක් තිබුණේ නැහැ.

ඒවායේ උන්න අයත් දහවලට ඒ කඩවල හිටියේ නැහැ.

දැන් මේ ලංකාව_වගේ දකින දකින තැන මොකක් හරි දෙකට පෝලිම් දකින්න ලැබුණා. මිනිස්සු පුදුම අපහසුතාවයකට පත් වුණා.

පෞද්ගලික මෝටර් රථ හැම එකක් ම වගේ විදේශිකයන් අත දික්කලොත් නතර කරලා කියන තැනකට එක්කගන යන තැනට පත් වුණා.

රුසියානුවෝ_රස්සාව කරලා ඇවිත් කළේ, පාරේ ටැක්සි දුවපු එක.

මට එහෙම හමුවුණ දහසක් දෙනා අතර මතක හිටින කිහිප දෙනෙක් තවමත් ඉන්නවා.

එක දවසක් මාව එක්කගන ගියේ_MIG_29 ප්‍රහාරක_ගුවන්_නියමුවෙක්. මම උදේට මොස්කව්_නුවර_ආරක්ෂා කරනවා රෑට ටැක්සි දුවනවා නැත්නම් ජීවත් වෙන්න අමාරුයි.

එක දවසක් මාව එක්කගන ගියේ ඇෆ්ඝනිස්තානේ_යුද්ධ_කරපු හමුදා_කර්නල්වරයෙක්. ඔහු_ආබාධිතයෙක්. මෝටර් රථය අත්දෙකෙන් මෙහෙයවන්න පුළුවන් විදිහට හදපු එකක්.

මට ලැබෙන මුදලින් ජිවත් වෙන්න පුළුවන් මාසෙන් දවස් දහයක් වගේ. ඉතුරු ටික මෙහෙම තමයි හොයාගන්නේ.

ඒ හැමකෙනෙකුටම වඩා මතක හිටියේ මේ කියන සුවිශේෂී පුද්ගලයායි. ඔහු දින 162 ක් මීර් අභ්‍යවකාශ_මද්‍යස්ථානයේ ඉඳල තියෙන ගගනගාමියෙක්.

මගේ පපුව බරයි වගේ දැනුණ ඒක අහපුවම. ලංකාවට තාව වසර සියයකට වත් එවැනි වෘත්තිකයෙක් ඉන්න එකක් නැහැ. නමුත් ඒ මිනිස්සුත් මහා මගට වැටුණා.

රුසියාවේ_එතෙක් පවතී සිස්ටම් එක කඩන් වැටිලා කළු කඩ,නීත්‍යනුකූල නොවන ජල්තර් බිස්නස්,එකින් එක පැතිරුණා.

තරුණ පරම්පරාව ඒවාට සම්බන්ධ වෙන්න උනන්දු වුණා. අපේ පන්තිවල උන්නු කෙල්ලෝ කොල්ලෝ ඒ දවස්වල කැන්ටිමෙන් කෑවේ මස් කෑල්ලක් සුප් එකක් නැතුව.

නිකම්ම අල පාප්ප ගිලල දැම්ම. එයාලට ලැබෙන මුදලින් ජීවත් වෙන්න එහෙම නැතුව බැහැ.

රජවරු වගේ හිටපු ජනතාවක් හිගමනට වැටෙන විදිහ මම දැක්ක.

මේ කඩාවැටීමෙන් වැඩියෙන්ම දුක්වින්දේ පැන්ෂන් ගන්න සීයලා ආච්චිලා. එයාල රටට වැඩක් කරලා පැන්ෂන් ගිහිං සුපිරි ජීවිතයක් ගතකරනවා වෙනුවට පාරට වැටුණා.

සමහරු ප්‍රධාන පාරවල් වල හිගමනට වැටුණා. සමහරුන්ට පිස්සු හැදුණා. තනියම පිස්සුවෙන් කියව කියවා පාරවල්වල ඇවිදපු වයසක රුසියානුව_අනන්තවත් නෙත ගැටුණා.

එක දවසක මම කෑම කද්දී අපේ කැන්ටිමෙන් මම ගත්තු එක දෙයක් මට කන්න බැහැ කියල හිතුණ නිසා ඒ කෑම එක පැත්තකින් තියල මම වෙන එකක් කන්න පටන්ගත්ත.

ටිකකින් ප්‍රසන්න පෙනුමක් ඇති වයසක මහත්මයෙකු මා අසලට විත් මගෙන් ඇහුව පුතා මේක පැත්තකින් තිබ්බේ කන්නේ නැති නිසා ද කියල .

මම ඔව් කිව්වම මේ තැනැත්තා ඒක අරගන ගිහිං මේසෙක වාඩිවෙලා කන්න පටන්ගත්ත.

මම මොහොතකට ගල් වුණා. මම ඉක්මනින් නැගිටලා ගිහිං අල සහ මස් අඩංගු කෑම පිගානක් ගෙනවිත් ඔහුට පිළිගැන්නුවා.

මම කිව්වා එන්න මගේ මෙසේම වාඩිවෙලා කෑම කමු කියල. මේ ඔහු කිව්වා කතාව.

මම අස්වාන්_වේල්ල හදන්න ගිය_රුසියානු ඉංජිනේරු කණ්ඩායමේ එක්කෙනෙක්.

අපිට ඒ දවස්වල බාරදුන්නේ හරිම බාරධුර කටයුත්තක්. අපි ඉතින් ඒක කළා. ( අස්වාන් වේල්ල ඇයි සුවිශේෂ වෙන්නේ කියල ඔයාල කියවල බලන්න. ඒක ඊජිප්තු_සහ_රුසියානු ඉංජිනේරුවෝ එකතුවෙලා කරපු පට්ට වැඩක් )

මට කතාව අහගෙන ඉන්නකොට උගුර කට වෙළුන වගේ වුණා. කෑම උගුරෙන් පහළට යන්නේ නැහැ වගේ දැනුණා.

ඔහු මම අරන් දුන්න කෑම එක බෝතලේක දාගන එයාගේ බිරිඳට දෙන්න කියල අරං ගියා. එයා ගියට පස්සෙ මාත් එක්ක අපේ බැජ් එකේ හිටපු කෙනෙන් ඇඬුවා.

එයා කිව්වා එකක් මට තාම මතකයි. අපි නම් ඉගෙනගන ඉවරවෙලා මෙහෙන් යනවා. නමුත් මේ මිනිස්සු කොහේ යන්නද?

මගේ ළඟ තියෙනවා තොප්පියක්. ඒක මම ගත්තේ පාරේ ඒක විකුණපු සීයා කෙනෙක්ගෙන්. පස්සේ තමයි දැනගත්තේ එක රුසියානු_ජෙනරාල් ල දාන තොප්පියක් කියල.

රුසියාවේ_කෙනෙකුට ලැබෙන ඉහලම සම්මානය " ලෙනින්_සම්මානය " ඒවා ලැබුණ අය_පාරවල්වල ඒවා වික්කා.

දෙවන ලෝක_යුද්ධයේ දී ලැබුන පදක්කම් ඕන තරම් පාරවල්වල ගන්න තිබුණා. සමහර ෆැක්ටරි පඩි දෙන්න සල්ලි නැති නිසා ඒ ෆැක්ටරියේ හදන දේවල් ම ඒකෙ වැඩ කරන මිනිස්සුන්ට දුන්න.

එයාල ඒවා පාරවල්වල විකුණලා මුදල් කරගත්ත,මේ හැමදේම වුනේ සෝවියට්_දේශය විසුරුවා හැරලා අපි හිටපු_රුසියාව_රුසියානු සමුහාණ්ඩුව_වීම නිසයි.

රුසියානුවෝ_වින්ද දුක හා සැසදුවම අනෙක් කැඩී ගිය රටවල්_වල වැසියෝ ඊටත් වඩා දුක්වින්ද බව වාර්තා වෙනවා.

රුසියාව_මෙහෙම අර්බුදයකට මුහුණ දෙනකොට_ඇමරිකාව_ඇතුළු_බටහිර රටවල් හරිම උවමනාවෙන් ඉදිරිපත් වෙන්න පටන්ගත්ත රුසියාවට_ආදාර කරන්න.

යුරෝපයේ_මස් ටින් වැස්ස වගේ රටට එන්න පටන් ගත්ත. යුරෝපයේ_කුකුල් අඬු පෙට්ටි පිටින් මොස්කව්_නුවරට ආව.

ඇමරිකානු_සිගරට් සත ගණන්වලට_රුසියාවේ අලවි වෙන්න පටන් ගත්ත.

අපි දන්නා හැමෝම වගේ බිව්වේ රෝත්මන්ස් නැත්නම් මාල්බරෝ වගේ දැවැන්ත සන්නාම සහිත සිගරට්. කන්න නැතත් බොන්නයි සිගරටුයි තිබුණා.

ඇමරිකාව_දැනගන හිටියා_රුසියානුවට බොන්නේ නැතුව ඉන්න බැරි බව සහ ඔවුන් දැනගන හිටියා බොන්න දෙන තරමට රුසියානුවන්_මේ වෙන්න යන දේට එරෙහිව නැගිටින්නෙත් නැහැ කියල.

සේරම අසුභ වාදීව යද්දී උනත් දරදඬු පාලන ක්‍රමයකින් නිදහස් වෙලා නිදහසේ බඩගින්නේ ඉන්න එක හොඳයි වගේ ආකල්ප දරපු අයත් මේ අතර හිටිය.

මෙහෙම රට යද්දී තව දුරටත්_රුසියාවට රුසියානු_රූබලය පවත්වාගන යන්න බැරි තත්වයක් උදා වුණේ_රුසියාවේ ව්‍යාපාර බලවත් ව්‍යාපාර_රුසියාව අතහැර රටින් ඉවත් වුණ නිසයි.

මේ වෙද්දී_ඇමරිකානු_ඩොලරයක් සඳහා රූබල් දහස් ගානක් වුණා. ඒ නිසා මහබැංකුව අවසන් බින්දු ඉවත් කළා.

සත හෙවත් කොපෙක් නැතිම කරලා දැම්ම. එතෙක් පවතී රූබල් පන්දහස ඉන්පසු රූබල් පහ ලෙස සලකා මුදල් මුද්‍රණය කරා.

මුලින් රූබල් පන්දහසේ කොලේ ආවත් 1998 වෙද්දී රූබල් ලක්ෂයේ කොලය අපේ අතට ආව.

බඩුවක් ගන්න සල්ලි කන්දක් අරන් යනවා වෙනුවට රූබල් ලක්ශේ කොලේ ගෙනයන එක පහසු වුණා._රුසියාවේ_ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලත් සැක හිතෙන තරමට_රජය දුර්වල වුණා.

රාජ්‍ය_ආදායම් අවම වෙන්න තවත් ප්‍රධාන හේතුවක් වුණේ යුරෝපේ_රුසියානු ගෑස් මිලදී ගැනීම නවත්තපු එක.

1998 අවසානයේ රුසියානු_මහබැංකුව රට බංකොලොත් වී ඇතිබවට නිවේදනයක් නිකුත් කළා.

ලොව සිටි_ඇමරිකානු_විරුද්ධ කඳවුරේ ලොකු අයියා බිම හාන්සි වුණ නිසා ලෝක බල තුලනය තනිකරම ඇමරිකාව_වෙත යොමුවී ඇමරිකාව_ලොව එකම තනි මහබලවතා වුණා. ඒ දවස්වල චිනේ_අද වගේ හයියට හිටියේ නැහැ නේ.

මම මේ කිව්වේ ලොව තිබු බලවත්ම_රාජ්‍යයක් කඩාවැටෙද්දී අපි අත්විඳපු දේවල්.

රුසියාව_කියන්නේ යටිතල පහසුකම් අතින් උපරිම දියුණු_රටක්. අල්පෙනිත්තේ ඉඳල අභ්‍යවකාශ යානය දක්වා ඒ රටේම_නිපදවපු රටක්.

රුසියාවටම_ආවේණික තාක්ෂණයක් විද්‍යාවක් තියෙන රටක්. මෙන්න මෙහෙම රටක් ආර්ථිකය කඩා වැටිලා පහළට වැටෙන එකයි දැන් ඔය මම කිව්වා මෙලෝ දෙයක් නැති ලංකාව_වගේ රටක් වැටෙනවා කියන්නේ තනිකරම දෙවිදිහක්.

කටට එනවට අපි කිව්වට බංකොලොත් කියල ඒ දේ වෙලාම බලන්න ඕන, මුහුණ දීලම බලන්න ඕන.

බංකොලොත් වුණ_රුසියාවට නව පණක් ලැබෙන්නේ මෙන්න මේ කාලේ අලුතින්ම බලයට එන්න උත්සාහ කරන_ව්ලදිමීර්_පුතින් නිසයි පුටිං_1999 රුසියාවේ_අගමැති වෙන්නේ.

ඊට පස්සේ වැඩ බලන ජනාධිපති_උන_පුටින් දෙදහ වසරේදී රුසියාවේ_ජනාධිපති වුණා.

අර්බුදය ගොඩයන්න පටන් ගත්තු ගමන් වගේ මම ආපහු ලංකාවට ආව.

කොයිතරම් දුෂ්කරතා මධ්‍යයේ උනත් මගේ ජීවිතේ සුන්දරම කාලේ ගෙවුණේ,_රුසියාවේ මොස්කව් නුවර මානව හිතවාදී_රුසියානුවන් සමගයි.

ඉරුසියාව ලෝකේ ඉස්සරහට යද්දී මට දැනෙන්නේ මම ඉස්සරහට යනවා වගෙයි. මොකද ඒ හැම දෙයක්ම අපේ ඇටමිදුළුවලට කාන්දු වෙලා තියෙන්නේ.

අද රුසියාව_ගැන ආයේ කියන්න ඕනද?

_ඇමරිකාවට_නම ඇහුනත් දාඩිය දානවා. ලෝකයේ ඉන්න ප්‍රබලම ජාතියක් හැටියට ආයෙත් නැගිට්ටේ_පුටින් එක්ක.

සැ:යු :- මෙය උපුටා ගැනීමකි.

අදට වයස අවුරුදු සීයයි. මැලේසියාවේ ගමන් මග වෙනස් කරලා අග්නිදිග ආසියාවේ මහා වෙනසකට නායකත්වය දුන්නු නායකයා මහතීර් මොහමඩ්. 9...
11/07/2025

අදට වයස අවුරුදු සීයයි.

මැලේසියාවේ ගමන් මග වෙනස් කරලා අග්නිදිග ආසියාවේ මහා වෙනසකට නායකත්වය දුන්නු නායකයා මහතීර් මොහමඩ්. 90 දශකයේ මුල මුළු අග්නිදිග ආසියාවේ ම ආර්ථිකය කඩා වැටිලා IMF මැදිහත්වීම ඉල්ලද්දී, IMF නැතුව මට රට ගොඩ ගන්න පුලුවන් කියලා, ඒක කරලා පෙන්නන තරම් කෙලින් කොන්දක් තිබුණු නායකයෙක්. හැබැයි ඒක කලේ IMF ඕනෙ කිව්ව උප අගමැති සහ මුදල් ඇමැති අන්වර් ඊබ්‍රහිම් හිරේ දාලා කොන්ද කැඩෙන්න ගහලා. (අද මැලේසියාවේ වත්මන් අගමැති ඒ අන්වර් ඊබ්‍රහිම් තමයි). මහතීර් මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයි. එක්තරා විදියක ආඥාදායකයෙක්. හැබැයි රට හැදුවා. තාමත් සක්‍රිය දේශපාලනයේ ඉන්නවා. මීට දවස් දෙකකට කලින් ඔහු මැලේසියාවේ Strait Times පුවත්පතට දුන්නු සාකච්ඡාවෙන් පේනවා තවමත් ඔහු ඉතා තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් කියලා. හැබැයි හරියාකාර දෙවැනි නායකත්වයක් හදන්න බැරි උනා කියලා අදත් ඔහු පසු තැවෙනවා. බොහෝ දක්ෂ නායකයෝ ෆේල් වෙන්නෙ ඔතනදි තමා.

Starlink කියන්නේ SpaceX ආයතනය මඟින් ලබාදෙන අන්තර්ජාල සැපයූම් සේවාවක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේ internet පාවිච්චි කර...
09/07/2025

Starlink කියන්නේ SpaceX ආයතනය මඟින් ලබාදෙන අන්තර්ජාල සැපයූම් සේවාවක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේ internet පාවිච්චි කරන කෙනාට internet ලැබෙන්නේ චන්ද්‍රිකා ජාලයක් මඟින් වීම. අපිට සමාන්‍ය අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ පොළොව සහ මුහුද යටින් රටවල් එකිනෙක connect කරලා තියෙන අධිවේගී දත්ත සම්ප්‍රේෂණ cables (Submarine fiber optic cables වැනි) වලින්.

ලෝකේ මේ වගේ චන්ද්‍රිකා ජාල මත පදනම් වුනු වෙනත් අන්තර්ජාල සේවාවන් තිබ්බත්, Starlink සුවිශේෂී වෙන්නේ ඒගොල්ලන්ගේ චන්ද්‍රිකා කක්ශගත කරලා තියෙන්නේ low Earth orbit (LEO) එකක 550 km ක උසකින්. ඒ කියන්නේ අනිත් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවන් සපයන සමාගම් භාවිතා කරන geostationary satellite එහෙමත් නැත්නම් 36,000km ක් විතර උඩින් කක්ශගත කරලා තියෙන භූ ස්ථාවර චන්ද්‍රිකාවන් විසින්.

මේ වෙද්දී Starlink චන්ද්‍රිකාවන් 7,875කට ආසන්න සංඛ්‍යාවක් පෘථිවිය වටේ කක්ශගත කරලා තියෙනවා. ඔවුන්ගේ plan එක නම් මේ satellite network එක චන්ද්‍රිකා 42,000 දක්වා වැඩි කරන එක. Starlink චන්ද්‍රිකාවන් low Earth orbit එකක තියෙන නිසා ඒගොල්ලන්ට පුලුවන් ~20–60 ms වගේ සාපේක්ශව අඩු Latency එකකින් ~50–300 Mbps වගේ Download/upload speed එකක් ලබාදෙන්න.

හැබැයි ඇත්තම දේ තමයි මේ Satellite internet connections වලට Fiber connections වල තියෙන Performance වලට කිට්ටු වෙන්න ටිකක් විතර අමාරුයි. Fiber connections වලට සාමාන්‍යයෙන් Up to 1 Gbps+ (ලංකාවේ නම් residentials වලට ලැබෙන්නේ උපරිම 300 Mbps) වගේ Download speed එකක් සහ ~1–10 ms අතර Latency එකක් හම්බෙනවා. ඒ වගේම Fiber connections වල තියෙන විශ්වාසනීයත්වය (Reliability) ගොඩක් වැඩියි. Satellite internet connections වලට අයහපත් කාලගුණය යටතේ පොඩි පොඩි බාධාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ආරම්භක පිරිවැය Fiber connections වල ගොඩක් අඩුයි.

මීට සති කිහිපයකට කලින් ලංකාවට Starlink අන්තර්ජාල සේවාව ලබාදීම නිල වශයෙන් ආරම්භ කලා. මේ වෙද්දී රුපියල් 9,200ක් වෙන Residential Lite සහ රුපියල් 15,000 ක මාසික ගාස්තුවක් හිමි Residential කියන අන්තර්ජාල package ද්විත්වයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඊට අමතරම ලංකාව වටේ Countrywide Coverage එකක් තියෙන ගමන් කරන ගමන් පාවිච්චි කරන පුලුවන් Roam (50GB - LKR15,000/mo) සහ Roam - UNLIMITED (LKR27,000/mo) කියලා තවත් package එකක් තියෙනවා.

කොහොම උනත් අපිට වැදගත් වෙන්නේ Residential package ටිකනේ. Starlink අන්තර්ජාල සබඳතාවක් පටන් ගන්න රුපියල් 118,000 ක ආරම්භක ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒ ගාස්තුවෙන් තමයි අපිට Starlink Standard Kit ඒක ඒ කියන්නේ Satellite dish එක ඇතුලුව අනෙකුත් උපාංග හම්බෙන්නේ.

Residential package දෙකටම Unlimited data හම්බෙනවා. හැබැයි Residential Lite package එකේ speed එක peak times වලදී ඒ කියන්නේ ගොඩක් අය use කරන වේලාවල් වලදී ටිකක් අඩු වෙන්න පුළුවන්. මේක ලංකාවට තාම එච්චරම බලපාන එකක් නැහැ. මොකද තාම ගොඩක් අය Starlink connections පාවිච්චි කරන්නේ නැති නිසා. මේ එක connection එකක් devices 20 (PC's/ Mobile phones/ Tablets වගේ)ක් දක්වා සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා.

ඒ වගේම අලුතින් පනවපු තාක්ශණික බද්ධ (18% ක VAT - Non-Resident Digital Services) එක මේ මාසික ගාස්තුවේ අඩංගු වේලා තියෙනවා. ඒ නිසා මේ මාසික ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ.

මෙච්චර කල් ලංකාවේ ISP ලා පාරිභෝගිකයන්ට Unlimited කියලා දුන්නේ ඇත්තටම Unlimited internet නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් අන්තර්ජාලය යොදාගෙන ගොඩක් වැඩ කරන අයට නම් මේ Starlink connection එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි තාමත් ලෝකේ තියෙන හොඳම සහ reliable ම household internet connection type එක වෙන්නේ Fiber යි.

සිංහල ආහාර සංස්‌කෘතියේ අරුත කියාදුන් රාජ භෝජනය.රාජ භෝජනයක්‌ කියන්නේ එසේ මෙසේ කෑම වේලක්‌ නම් නොවේ. රජෙක්‌ වාගේ කන්න ඕනෑ ක...
08/07/2025

සිංහල ආහාර සංස්‌කෘතියේ අරුත කියාදුන් රාජ භෝජනය.
රාජ භෝජනයක්‌ කියන්නේ එසේ මෙසේ කෑම වේලක්‌ නම් නොවේ. රජෙක්‌ වාගේ කන්න ඕනෑ කිව්වම බොහෝ දෙනෙක්‌ තේරුම් ගත්තේ බඩ කට පිරෙන්න මහා බත් පිඟානක්‌ කනවා කියාය. නමුත් ඉතිහාසයේ එවන් වැකියක්‌ පට බැදී තිබෙන්නේ, ඖෂධීය ගුණයෙන් යුතු ශක්‌තිය වඩන නිරෝගිමත් කෑම වේලක්‌ නොකඩවා ආහාරයට ගන්නේ ර-ජුරුවෝ පමණක්‌ම බවට මහජනතාව පිළිගත් සත්‍යයක්‌ව පැවතීම මතය.

රාජ භෝජනය සැකසීම අපූරුය. සැබැවින්ම එය ඓතිහාසික ගාම්භීරත්වයක්‌ සහිත සංස්‌කෘතික ක්‍රියාවලියකි. මනා පෙළ ගැස්‌මකි. රාජ භෝජනාගාරයේ දෛනික වැඩපිළිවෙල කොපමණ නම් සංකීර්ණද යන්න මොනවට පැහැදිලි වන්නේ එක්‌ වේලක්‌ සැකසීම ස`දහා පෙළ ගැසී සිටින සේවක පිරිසත් භෝජනය සැකසීමේ ක්‍රමවේදයත් පිළිබඳ සලකා බලන කලය. එහි යටගියාව අදටත් අපට පරිශීලනය කළ හැක්‌කේ, පුස්‌කොළ පොත් කියෑවීමෙනි. අදාළ පුස්‌කොළ පොතෙහි මූලික වෙළුම් දෙකක්‌ තිබී ඇති අතරම අදටත් එය ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රාචීන පුස්‌තකාලයේ සුරැකිව ඇත්තේය.

එකල රාජමාළිගාවේ රාජභෝජනය සැකසීම මූලික සහ ප්‍රධානතම කාර්යය වූ අතර ඊට දායක වූ පිරිස ගණනින් සූසැටකි. ඉනුත් මුල් තැන ගත්තේ, සොලොසකි. බෙහෙත්ගෙයි මුහන්දිරම්, බත් වඩන නිළමේ, මුලගිනා, මඩප්පු නිළමේ, මඩප්පු රාළලා, පිහන රාළලා, දෙහි දොඩම් කාරයෝ, පැහිදුම්කාරයෝ, තටුකොළ පහින්දම්කරුවෝ, ඇතුළුව රාජෝත්තමයන්ගේ ආයුවඩන්නට දිවි කැප කළ පිරිස බොහෝය.

රජ්ජුරුවන් උදෙසා වන ආහාර වේල් සැකසීමට වෙන් වෙන් වශයෙන් සේවක පිරිස්‌ සිට ඇත. දිවා ආහාරය සැකසීමට පෙළ ගැසෙන්නේ ර-ජුරුවන් උදෑසන මළපහ කළ අවස්‌ථාවේ සිටය. අද මෙන් නොව එදා සියල්ල සිදුව ඇත්තේ කලටය. වෙලාවටය.

රජු අවදිවූ මොහොතේ සිට ඒ අසල දැවටෙන්නේ බෙහෙත්ගෙයි මුහන්දිරම්ය. ඔහු රජුගේ මානසික තත්ත්වයත් පෙර දින නොවූ යම් වෙනසක්‌ වේද යන්න ගැනත් විමසිලිමත් වෙයි. මුව සෝදා පඩික්‌කමට හල කෙළ මුසු ජලයද, මුත්‍රා සහ මළපහද, හොඳින් පරීක්‌ෂා කරන බෙහෙත් ගෙයි මුහන්දිරම් එදින රජුගේ ශරීර සෞඛ්‍යයේ වත ගොත පිළිබඳව මුලුතැන්ගෙයි බත්වඩන නිළමේ වෙත දැනුම් දෙයි.

බෙහෙත් ගෙයි මුහන්දිරම්ගේ සේවාව ගම්පොළ යුගයේද පැවැති බව සඳහන්ය. ජාත්‍යන්තර මට්‌ටමේලා සැලකෙන එම වෛද්‍ය ක්‍රමය මුස්‌ලිම් ජනයාගෙන් උගත් බවත් වේගිරිය හා තදාසන්න ප්‍රදේශවල විසු වෛද්‍යවරු අතර ප්‍රචලිතව පැවැති බවත් ඉතිහාස කරුණු පෙන්වා දෙයි.

බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්‍රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්‌ටෝරු සකසයි. බොහෝවිට දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්‌ මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌ ද කැවිලි වර්ග පනස්‌ පහක්‌ද ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර ද ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග ද හීනටි හාල් අතුරුපසද කිරි පැණිද බුලත් විටද ඇතුළත්ව රාජ්‍ය දිවා භෝජන වට්‌ටෝරුව සැකසේ.

එකල දිනපතා සැකසෙන රාජ භෝජනය නිත්‍ය රටාවක්‌ම බැවින් මුලුතැන්ගෙයි සේම ඒ අවට සේවය කළ උදවිය සිය ඒකාකාරි බව පලවා හරිනු වස්‌ කවි කීහ. ඒ අතර උන් ඇතැම්හු හිටිවන කවි තැනූහ. ඇතැම්හු උසුළු විසුළු පිණිසද කවි තැනූහ. ආහාර පිසින්නෝද සිය කාර්යය කවියට පෙරළා ගායනා කළෝය.

මුංපියලි නැලිය ක
සහල් ගනු තුන් නලිය ක
කෙටූපිටි විතර ක
උයාවී කිරිලා පදම්දැ ක

පත්පැර වියල නු
අත්සුනු සකුරු මෙහිල නු
ඉසඉස බැද ග නු
ඊට මුතුලාල යයි නම් ද නු
....ආදි ලෙස ගායනා කර තිබේ. යටවර නමැති කිවි`දු රාජ භෝජන ආහාර වට්‌ටෝරු කවි තුන්සිය හතලිස්‌ හතරකින් පුස්‌කොළ පොතෙහි ලියා ඇති අතර පසු කාලීනව පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල පුස්‌කොළ පොතෙහි කවි සංස්‌කරණය කොට කෑම වට්‌ටෝරු එකසිය විස්‌සක්‌ පමණ ග්‍රන්ථාරූඪ කර ඇත.

රාජ කෑම වට්‌ටෝරුවේ බත් වර්ග හත, සිරෝවල්ලි සම්බා, බාස්‌මතී, සුවදැල්, ඇතුළු අග්‍රගණ්‍ය සහලින් සමන්විතය. මහනුවර යුගයේ වාසලට දෛනික සහල් සැපයූවේ පැණිදෙණිය, ගුරුදෙණිය අටුවලින් බවද ස`දහන් වේ.

බත් වඩන නිළමේගේ ආහාර වට්‌ටෝරුව මඩප්පු නිළමේගේ අධීක්‌ෂණය යටතේ මඩප්පු රාළලාගේ කැපවීමෙන් රසවත් වේ. සාදා නිමකරන සෑම අහරක්‌ම ආරක්‌ෂා කරන්නේ පිහන රාළලා විසිනි. සෙසු කටයුතන්හිදී සේම දෙහි දොඩම්, පොල්, තුනපහ, දර, කෙසෙල් කොළ, පැණි හකුරු, ආදී සියලු අමුද්‍රව්‍යය මාළිගා මුලුතැන්ගෙට සපයන්නේ ඒ ඒ රාජකාරියේ නියුතු උදවිය විසිනි. අරක්‌කැමියා හෙවත් මුලගිනා ලුණු ඇඹුල් නොබලා, යස පදමට රස ගලපන්නේ සිය පලපුරුද්ද පෙරදැරිවය. මාළු පිනි හැටද කැවිලි පනස්‌ පහද සෙසු සියලුම ආහාරද පිසිනුයේ උදෑසනමය. පෙරදා සැකසූ කිසිවක්‌ රාජභෝජනයට කැප නොවේ. පිසින ලද සියලුම ආහාර රස බැලීමේ වරම් ඇත්තේ, අගුබලන්නාට පමණි. ඔහු සියලු ආහාර ගෙන සිංහල පැයක්‌ පසු වූ තැන බෙහෙත්ගෙයි මුහන්දිරම් ඔහුව පරීක්‌ෂා කොට, අනතුරුව ර-ජුරුවන්ට කෑමට ආරාධනා කරයි.

රජු ආහාර ගන්නේ, කෑම ශාලාවක නොවේ. මාළිගයේ හිස්‌ ශාලාවක කිසිවෙකුටත් නොපෙනෙන මුලුගැන්වූ ස්‌ථානයක සිටය. බුමුතුරුණක්‌ මත එරමිණිය ගොතා හි`ද ගන්නා රජ තෙමේ ඔඩොක්‌කුව මත රන් සළුවක්‌ එලනු ලබයි. දිය වඩන නිළමේ පැමිණ රන්තලියක වතුර බහා අත සෝදවා තෙත මාත්තු කොට ඉවත්ව යයි. අනතුරුව බත්වඩන නිළමේ පැමිණ රන්තැටියක්‌ තබා, බත් හැන්දක්‌ එක්‌ ව්‍යංජනයක්‌ බැගින් වරින් වර බෙදනු ලබයි. ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වන්නේ එය වාජීකරණය ස`දහා වරා පොතු සහ තිරිවානා ගල් උපයෝගි කොට සකසන ලද්දක්‌ බැවිනි. බත් හා ව්‍යංජන ඇතැයි රජ සැලකල පසුව, කැවිලි ද, කිරිවලින් තැනූ අහරද, හීනටිහාල් අතුරුපසද, කිරි පැණි ද, ආහාරයට ගනී. අනතුරුව රාජකීය වෛද්‍යවරයා නොහොත් බෙහෙත්ගෙයි මුහන්දිරම් සැකසූ ලෙය්‍ය වර්ග අහරට ගනී.

මේවා තලියක දමා පිළිගන්වද්දී රජ එය ලෙවකෑ යුතුය. නිසි ඖෂධීය ගුණ සිරුරට ලැබෙනුයේ එවිටය.

රාජ භෝජනය ඓතිහාසික වූයේ, සූප කලා සාහිත්‍යය හරහාය. නිරෝගිමත් ජීවිතයක්‌ උදෙසා එවන් සාහිත්‍යයක හරය අදටත් වැදගත් වන බව සිතීමද වැදගත්ය.

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94772270289

Website

Alerts

Be the first to know and let us send you an email when Naveen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Naveen:

Share