Family Dental Clinic

Family Dental Clinic Dental surgery

22/06/2024

පොසොන් පොහොයට පසු 23 (ඉරිදා) දින පෙ.ව. 10 ට නැවත දන්ත සායනය විවෘත කරනු ලැබේ

" මේ ලමයගෙ දත් දිරනවා වැඩියි. උදේ , රෑ දතුත් මදිනවා. ඒ ඇයි දන්නෙ නෑ නේද ඩොක්ට ? "" නිතර පැණිරස කනවා ඇති "" නෑ. එහෙමට පැණ...
15/06/2024

" මේ ලමයගෙ දත් දිරනවා වැඩියි. උදේ , රෑ දතුත් මදිනවා. ඒ ඇයි දන්නෙ නෑ නේද ඩොක්ට ? "
" නිතර පැණිරස කනවා ඇති "
" නෑ. එහෙමට පැණිරස කන්නෙත් නෑ මෙයා. කැල්සියම් හරි විටමින් හරි මදි වෙලාද දන්නෙ නෑ ?"
" ඒ බවක් පේන්න නෑ. හොදයි කමක් නෑ... දත් දිරන්න හේතුව හොයා ගන්න අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. මේ පෑනයි කොලෙයි අරගෙන අපි ලියමු බලන්න ඊයෙ දවසෙ දුව කාපු බීපු දේවල් සේරම. එක පොඩි දෙයක් වත් මග හරින්න බෑ. බොරු කරන්නත් බෑ. අවංකවම ලියන්න ඕන. හරි.. ඊයෙ දවසේ මුලින්ම කෑවෙ බීවෙ මොනවද? "
"උදේම කිරි තේ එක "
" සීනි දාලද ? "
" සීනි ටිකයි දැම්මෙ. චොකලට් බිස්කට් එකක් තිබුන නිසා "
" උදේ කෑම ? "
" ක්‍රීම් බනිස්, කෙසෙල් ගෙඩියක් එක්ක"
" ඉස්කෝලෙ ඉන්ටවල් එකට මොනවද කෑවෙ ?"
" පේස්ට්‍රියයි, ඩෝනට් එකයි "
" ඉස්කෝලෙ ඇරෙනකම් වෙන මොකුත් කෑවෙ නැද්ද ? "
" ම්ම්... ඊයෙ සවනිගෙ බර්ත් ඩේ එක. හැමෝටම කේකුයි, බීමයි ගෙනත් තිබුනා "
" හොදයි ... ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන ගමන් මොකුත් කෑවද ?"
" අයිස්ක්‍රීම් එකක් විතරයි "
" දවල්ට බත් කන්න බඩේ ඉඩ තිබුනද ? "
" 😊 බත් ටිකයි කෑවෙ "
" අතුරුපස ?"
" කට දැවිල්ලට කිරි ටොපියක් කෑවා. එච්චරයි "
" හවස තේ බීවද ? "
" නෑ... රෝල් එකක් කාලා චොකලට් බීම එකක් බීවෙ "
" රෑට කනකම් වෙන මොකුත් නෑ ?"
" හවස ටියුෂන් ක්ලාස් එකේදි යාලුවොත් එක්ක චොකලට් කෑවා "
" රෑ කෑම මොනවද ?"
" පානුයි පරිප්පුයි "
" ඩෙසර්ට් ? "
" කෙසෙල් ගෙඩියක් විතරයි "
" ඊට පස්සෙ දත් මැදලා නිදා ගත්තා ?"
" නෑ ... පාඩම් කලා. පාඩම් කරද්දි නින්ද යනවට බිස්කට් කකා කෝපි බීව්වා. ඊයෙ රෑ නම් දත් මදින්න බැරි උනා 😁"

ඔයාලා කියන්න බලන්න, මේ ළමයගෙ දත් දිරන්න හේතු වෙන්න ඇත්තෙ මොන විටමින් එකේ ඌනතාවයද ?

Don't get addicted to sipping !අද සමාජයේ දත් දිරායාමට බලපාන හේතු , සමහර විට අපි පොඩිකාලෙ පොත් වලින් ඉගෙන්න ගත්ත හේතු වලට...
02/06/2024

Don't get addicted to sipping !

අද සමාජයේ දත් දිරායාමට බලපාන හේතු , සමහර විට අපි පොඩිකාලෙ පොත් වලින් ඉගෙන්න ගත්ත හේතු වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. " දත් නරක්වෙන්නේ, පැණිරස කෑවොත් " කියලයි අපි කටපාඩම් කලේ.
පාඩම් වැඩක් කරන ගමන් හෝ TV එක බලන අතර හෝ පරිගනකයේ වැඩක් කරන අතරතුර හෝ ෆෝන් එක ඔබන අතරතුර මොනවාහරි බීම වීදුරුවක්/ බෝතලයක් ලගින් තියාගෙන දිගු වේලාවක් ටික ටික පානය කිරීම දැන් බොහෝ අයගේ පුරුද්දක් වෙලා.
ඒ පුරුද්ද පැණිරස දෙයක් කෑමටත් වඩා දත් වලට අහිතකරයි කියලා බොහෝ අය හිතන්නෙ නෑ. ඒ පානය කෘතිම පැනිරස පානයක්ම විය යුතු නෑ. ස්වාභාවික පලතුරු බීම එකක් වුවත් හානිකරයි. ආම්ලික පානයක් නම් දත් වලට වෙන හානිය තවත් වැඩියි. කෝලා වර්ගයක් හෝ එවැනි පානයක් නම්, හානිය බෙහෙවින්ම වැඩියි.
දත් වලට වඩාත් උචිත ph අගය සාමාන්‍යයෙන් 7 ආසන්නයේ වෙනවා. ( ආම්ලික හෝ භාශ්මික නොවන උදාසීන තත්වය ආසන්නයේ ). මුඛයේ ඇති ඛේඨය මෙම ph අගයේ පවතින අතර එයට අමතරව ඛේඨයේ දත්වලට හිතකර කැල්සියම් සහ වෙනත් පෝශකද අන්තර්ගත වෙනවා. අපි ගන්නා බොහෝ පාන වර්ග ආම්ලිකයි. ආම්ලික පරිසරයකදී දතේ මතුපිට ස්තරය දියවීමකට ලක් වෙනවා. එසේම පානයක් ගන්නා සෑම ව්ටම කෙලවල ඇති පෝශක සංඝටක මුඛයෙන් තාවකාලිකව මොහොතකට ඉවත් වෙනවා . බීම වර්ගයක් ටික ටික තොලගාමින් දිගු වේලාවක් තිස්සේ බීමට පුරුදු වී සිටින අයගේ ඉහත ක්‍රියාවලිය නිතර නිතර සිදූවීම නිසා දත් වල එනමලය දියවීමට ලක්කරමින් ( dental erosion ලෙස හදුන්වන රෝග තත්වයට මග පෑදීම ) දත් දුර්වල කරනවා. මෙය දත් හිරිවැටීම් ඇතිවීමට, දත් දුර්වර්ණ වීමට හේතු වෙනවා වගේම දතේ ශක්තිමත් බව අඩු වීමෙන් දත් දිරා යාමට සහ කැඩී යාමටද හේතු වෙනවා.
ඉතිං මෙයට පිලියම තමා, මේ පුරුද්දෙන් මිදීම. ආරම්භයක් ලෙස විකල්පය ලෙස බීම වර්ගයක් වෙනුවට පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීමට පුරුදු වෙන්න පුලුවන්. ජලයේ ph අගයත් බොහෝ දුරට 7 ට ආසන්නයි.
( හැබැයි ඉතිං එහෙම කිව්වයි කියලා වතුර බෝතලයක් කිහිල්ලෙ ගහගෙන දවස තිස්සෙම විනාඩි පහෙන් පහට ඒක සිප් කරන එක නම් හොද නෑ. එතකොටත් කටේ කෙලවල තියෙන buffering effect එක නිතර නිතර disturb වීමෙන් , ඉහත කියපු අහිතකර රෝග තත්වම අඩුවැඩි වශයෙන් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා පමන දැනගෙන " ඇල් වතුරත් නිවලා බොන්න ඕන ".😊)

23/05/2024

23,24 වසා ඇත. නැවත 25 දින විවෘත කරනු ලැබේ

14/04/2024

දන්ත ශල්‍යාගාරය නැවත අප්‍රේල් 16 දින ප.ව. 4.00 ට විවෘත කරනු ලැබේ

11/04/2024

අප්‍රේල් 12 දින පෙරවරු 9.30 සිට ප.ව. 1.00 දක්වා විවෘතව ඇත

11/04/2024

අප්‍රේල් 11 දින ප.ව. 4.00 සිට 8.00 දක්වා විවෘතව ඇත

11/04/2024

12 වෙනිදා දක්වාම අපි වැඩ

07/04/2024

ඉරිදා දිනවල පෙ.ව. 10 සිට ප. ව. 2.00 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ

25/03/2024

ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කර ගැනීමට...
0714874938 / 0771187161 අමතන්න

25/03/2024

ප්‍රතිකාර කරන වේලාවන්
සතියේ දිනවල 4.30pm - 8pm
සෙනසුරාදා 2.30pm - 7pm
ඉරිදා 10am 2pm

23/03/2024

පෝය දිනයේ දන්ත ශල්‍යාගාරය වසා ඇත

Address

කඩ පනහ
Anuradhapura Town

Telephone

+94771187161

Website

Alerts

Be the first to know and let us send you an email when Family Dental Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family Dental Clinic:

Share