14/09/2024
ඔයා දන්නවද දත් රැකගැනීම කොච්චර වැදගත් දෙයක් ද කියලා..?
ඔයා ඒක දැනන් හිටියනම්, ඔයාගේ දත් මීටත් වඩා හොඳින් රැක ගනියි. ඉතින් මං අද ඔයාට කියලා දෙන්න යන්නෙ, දත් රැක ගැනීමේ වැදගත්කම ගැන..
1. Cavities සහ Gum Disease වලින් ආරක්ෂාව
නිතර දත් පිරිසිදු කිරීම සහ floss කිරීම මඟින්, plaque සහ tartar වලට විරෝධි වී, cavities සහ gum disease වලින් ආරක්ෂා වෙනවා. සරලවම කිව්වොත් දත් බුරුසුවකින් මැදීම සහ දත් බුරුසුවෙන් පිරිසිඳු නොවන් තැන් dental floss නමින් හැඳින්වෙන, ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති නූලක් මඟින් පිරිසිඳු කිරීම තුලින් දත් දිරායෑම සහ මැලියම් බැඳීම නතර වෙනවා.. එතකොට විදුරුමස් ආසාදනය වෙන්නෙත් නෑ, කටෙන් දුර්ගන්ධයක් එන්නෙත් නෑ.. ආත්ම විශ්වාසයකින් අනිත් අයත් එක්ක සමීපව ඉඳන් කතා කරන්නත් පුලුවන්..
2. Overall body health
දන්ත සෞඛ්‍යය, ඔයාගේ සම්පූර්ණ ශරීර සෞඛ්‍යයට (overall body health) බලපෑමක් ඇති කරනවා. යහපත් දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීම තුලින් හෘදයාබාධ හා වෙනත් රෝග වලට මුඛය මගින් අනිසි බලපෑමක් සිදු නොවේ.
මං දන්නව, ඒ විදිහට කිව්වට කාටවත් මේ කියන්නෙ මොකද්ද කියල තේරුනේ නෑ. ඒ නිසා බොහෝ දෙනෙක් නොදන්න දෙයක් ගැන සුලු පැහැදිලි කිරීමක් කරන්නම්..
දත් දිරායාම (periodontal disease) සහ හර්දයාබාද (heart disease) අතර සම්බන්ධයක් තියෙනව කියල පර්යේෂණවලින් පෙන්වල දීල තියෙනවා. (AHA - American Heart Association Harvard University සහ තවත් ආයතන මගින් මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කර ඇත)
දත් දිරායාම, දත් අවට තෙත් පටක වල ඇතිවන ආසාදනයක්. මේ ආසාදනය නිසා ඇතිවන බැක්ටීරියා සහ එමඟින් ඇතිවන ආසාදන වලට විරුද්ධව ශරීරය මගින් සිදු කරන ප්‍රතිචාර නිසා රුධිරවාහිනී පද්ධතියට බලපෑම් විය හැක.
මේ අනුව, රුධිරය වාහනය කරන රුධිර නාල වල (arteries) තදවීම් හා ආසාදන (inflammation) ඇතිවීම, හර්දයාබාදයට හේතුවක් විය හැක.
එසේම, දත් ආසාදන ඇති අයගේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, සහ රුධිර ප්‍රවාහයේ ගැටලු ඇතිවීම සිදුවිය හැකි බව එම පරීක්ෂණ වාර්තා වල පෙන්වා දී ඇත, ඒ අනුව එමඟින් හෘද රෝග අවදානම් වැඩිවිය හැක.
3. නැවුම් හුස්ම
නිතර brush කිරීමෙන් සහ වෛද්‍යවරයාගේ නිර්දේශය මත mouthwash භාවිතා කිරීමෙන්, මුඛයේ දුගඳ නැතිවී නැවුම් සුවඳක් ඇති වෙනවා. මේ තුලින් ඔයාගෙ ආත්ම විශ්වාසය වැඩි කරනවා.. දුඟන්ධවත් දිරපු දත් තියෙන කෙනෙක්ට වඩා ලස්සනට පිරිසිඳුවට දත් තියෙන කෙනෙක්ට තමන් ගැන තියෙන විශ්වාසය වැඩියි.
5. වියදම් අඩු වීම
නිසි ලෙස දත් පිරිසිඳු කොට තබා ගැනීම තුලින් දත් දිරායාම් වලින් වැලකේ. මෙමගින් අනාගතයේ dental treatments වලට වැය කරන මුදල් අඩු කරගත හැක.
තවද ඔයා නිතිපතා ඔබගේ දත් ස්වයං පරීක්ෂාවකට ලක් කරානම් ගොඩක් හොඳයි..
එතකොට යම් කිසි විදිහකින් ඔබගේ දත් දිරී යාමකට ලක්වී ඇත්නම් එය මුල් අවස්ථාවේදීම හඳුනා ගෙන ඒ සඳහා ආරම්හයේදීම ප්‍රථිකාර ගත හැක. මෙමගින් ඔබට වටිනා දතක් ඉතිරි කර ගත හැක.. දත් පිරවීම කල් ගත වත්ම දතේ කුහරයේ විශාලත්වය වැඩි වන අතර දත රැක ගැනීමට වියදම් කරන මුදල වැඩි විය හැක..
ගොඩක් අය පොඩ්ඩක් දිරපු ගමන්ම ඒ වෙලාවෙ තියෙන වේදනාව නිසා දත් ගලවන්න ඕනෙමයි කියල කියනවා. ඒත් එයාට මොහොතේ තේරෙන්නෙ නැහැ දතක තියෙන වටිනාකම.
දතක් ගැලෙව්වම ඊට යාබද දත් වලට තියෙන support එක අඩු වෙනවා. ඉතින් ඉතුරු වෙලා තියෙන දත් මත යෙදෙන බලය වැඩි වෙනවා. ඒවා තියෙන තැනුත් ටිකක් විතර වෙනස් වෙන්න පුලුවන්.
දත් කිහිපයක්ම ගැලෙවොත් ඒත් එක්කම මුහුනේ හම ලස්සනට රඳවල තියා ගන්න දතෙන් ලැබෙන උදවුව නැති වීම නිසා හම එල්ලා වැටුන ස්වභාවයක් ඇති වෙලා වයසට වඩා වයසක් පේන්න පුලුවන්. චාර්වක , පුරස් චාර්වක (pre molars & molars ) නමින් හඳුන්වන හක්කෙ දත් කිහිපයක්ම ගැලෙව්වොත් නම් ඉතින් දත් නිසා මුහුනට ලැබෙන උස අඩු වෙලා අවු. 15කින් විතර වයස යන එක නවත්තන්න නම් බැරිවෙයි.
ඒ නිසා, දවසකට දෙවරක් දත් පිරිසිදු කිරීම සහ දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුගමනය කිරීම, ඔයාගෙ දන්ත සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වෙනවා..
අඩුම තරමේ මාස 6කට වරක් වත් දන්ත වෛද්‍යවරයා වෙත යොමු වී ඔබගේ දත් පරීක්ෂා කර ගන්න. ඔබට යාහැකි දුරක ඇති රජයේ රෝහලක දන්ත සායනයකට ගිහින් දන්ත පරීක්ෂාවක් සිදු කර ගන්න.
ඔබ ඉතා කාර්යබහුල කෙනෙක් නම් ඔබට පහසු පෞද්ගලික දන්ත ශල්‍යාගාරයකට ගොස් දන්ත පරීක්ෂාවක් සිදු කර ගන්න..
දත් රැක ගැනීමට..
අධික ඇඹුල් රස, ඇලෙන සුලු ආහාර, පැනි රස ආහාර සහ ඉතා හයිය ආහාර හැකි තරම් අඩුවෙන් ගන්න..
ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙතක් පාවිච්චි කර දවසට දෙවරක් soft brush එකකින්, නිවැරදිව, විනාඩි දහයක් පමණ දත් මදින්න.
Brush කිරීමෙන් පිරිසිඳු නොවන තැන් floss කරන්න.
ෆ්ලෝරයිඩ් සහිත් toothpaste එකක වාසි..
එනමලය සවිමත් වේ. දතේ එනමලයේ ඉතා කුඩාවට හානි වීගෙන එන තැන් වල කැල්සියම් සහ පොස්පේට් අංශු තැන්පත් වී දත් පිලිසකර කරයි.
මුඛයේ සිටින බැක්ටීරියා පාලනය කරයි.
ෆ්ලෝරයිඩ් දතේ පටලයක් ලෙස බැඳී සිටීමෙන් දත් දිරායාම වලක්වයි.
ඉතින් මේ ටික කියෙව්වහම රෑට කම්මැලි කමට දත් මදින්නෙ නැතුව නිදා ගන්නෙ නැති වෙයි නේද..
ඔයාලගෙ දත් රැක ගන්න පුලුවන් ඔයාලටම තමයි.. මං මේ කියල තියෙන දේවල් කරොත් ඔයාලටත් ඔයාලගෙ දත් ගොඩාක් කාලයක් නීරෝගීව තියාගන්න පුලුවන්..
Dental care