21/02/2026
🦷හදිසි අනතුරක් නිසා සිදුවිය හැකි Tooth Avulsion පිළිබඳව ඔබ දැනුවත්ද?
ඔබ ඉක්මනින් නිවැරදිව ක්‍රියා කරනවාද?
එම වැදගත් මිනිත්තු කිහිපය දතේ අනාගතය තීරණය කරයිද?
📌Tooth Avulsion යනු
බාහිර බලයක් හේතුවෙන් (Trauma) දත සම්පූර්ණයෙන්ම දත් කුහරයෙන්( Tooth socket) ඉවත් වීමයි.
මෙය සාමාන්‍යයෙන්
🔹 වැටීම්
🔹 රථවාහන අනතුරු
🔹 ක්‍රීඩා ආබාධ
🔹 ශාරීරික පහරදීම්
හේතුවෙන් සිදුවේ.
🦷 දත රැකගැනීමට හැකිද යන්න තීරණය වන්නේ Trauma එකෙන් පසු ගන්නා ක්ෂණික ක්‍රියාමාර්ග සහ වෘත්තීය දන්ත ප්‍රතිකාර ලබාගන්නා කාල සීමාව මතය.
⚠️ මෙය ස්ථිර දත් (Permanent teeth) සඳහා පමණක් අදාල වන අතර
❌ කිරි දත් (Primary / Milk teeth) නැවත ස්ථාපනය (Replantation) නොකල යුතුය.
🚨 ක්ෂණික ප්‍රථමාධාර මොනවාද?
🦷 ස්ථිර (Permanent) දතක් ඉවත් වූ විට, ඉක්මනින් හා නිවැරදිව ක්‍රියා මාර්ග ගැනීම ඉතා වැදගත්ය.
🔹 පළමුව රෝගියා සන්සුන් කරන්න
🔹 දත හැකි ඉක්මනින් සොයාගන්න
🔹 එය ස්ථිර දතක් බව තහවුරු කරගන්න
⏱️ මුවෙන් පිටත තිබෙන කාලය (Extra Oral Dry Time)ඉතා වැදගත්ය
🔹 දත අල්ලාගැනීම සිදු කරන්නේ දතේ සුදු පැහැති කොටසින් (Crown) පමණි.
❌ මුල කොටසින් (Root) ඇල්ලීම සිදු නොකල යුතුය – එය දත රැකගැනීමට අත්‍යවශ්‍ය සෛල වලට හානි කරයි
🚿 දත අපිරිසිදු නම්
🔹 පිරිසිදු ජලය / සේලයින් භාවිතයෙන් තත්පර 10ක් පමණ මෘදු ලෙස කෙටි වේලාවක් සෝදන්න
❌ සීරීම හෝ රසායන ද්‍රව්‍ය භාවිත කර පිරිසිදු කිරීම නොකල යුතුය.
🔹 එලෙස පිරිසිදු කර ගත් දත හැකි නම් පමණක් නැවත දත තිබූ ස්ථානයේ(socket ) නිවැරදි දිශාවට නැවත ස්ථාපනය( Replantation)කරන්න
🧻 දත Replantation කල පසු රෝහලට පැමිණෙන තෙක් දත නියමිත ස්ථානයේ තබා ගැනීමට පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ ගෝස් කැබැල්ලක් මෘදු ලෙස සැපීමට උපදෙස් දෙන්න
🚫 නැවත ස්ථාපනය කළ නොහැකි නම්
✔️ කිරි / සේලයින් / රෝගියාගේ ඛේටය වැනි මාධ්‍යක් තුළ දත රෝහලට ගෙන ආ යුතුය.ඡලය වඩා සුදුසු මාධ්‍යක් නොවේ.
❌ දත වියළි ලෙස තැබීම නුසුදුසුය
✔️ රෝගියා අවධානයෙන් සිටී නම් පමණක්
(Conscious & responsive)කම්මුල හා දත් අතර මුඛය තුළද දත තබාගෙන රැගෙන ආ හැකිය.
🏥 වහාම දන්ත වෛද්‍යවරයෙකු හෝ හදිසි ඒකකයක් වෙත යොමුවන්න
📋 රෝහලට පැමිණි පසු
Trauma guidelines අනුව ප්‍රතිකාර සිදු කරනු ලැබේ:
මෙහිදී
🔹 දත මුඛයෙන් පිටත පරිසරයේ පැවති කාලය (Extra Oral Dry Time)
🔹 දත රැගෙන ආ මාධ්‍ය (Storage medium)
🔹 දතේ වර්ධන අවධිය (Open apex / Closed apex)
යනාදී කරුණු සැලකිල්ලට ගැනේ.
🦷 සිදුකරන ප්‍රතිකාර මොනවාද?
🔹 දත පිහිටි ස්ථානය (Tooth socket) පිරිසිදු කර දත නැවත ස්ථාපනය කිරීම
(නිවැරදි පරීක්ෂාව හා X-ray භාවිතයෙන්)
🔹 Splint කිරීම
(අසල දත් සමඟ කම්බියකින් සම්බන්ධ කර තබා ගැනීම – සති 2–4 කාලයක් පමණ)
🔹 ප්‍රතිඡීවක, වේදනා නාශක සහ mouthwash ලබාදීම
🔹දත පස් සමඟ ස්පර්ශ වී පැවතියේ නම්, රෝගියාගේ පිටගැස්ම (Tetanus ) ප්‍රතිශක්තිකරණයද පරීක්ෂා කිරීමට අවශ්‍ය වේ.
🔹 ස්නායු පිරවීමේ ප්‍රතිකාරය (Root canal treatment) සිදු කිරීමේ අවශ්‍යතාවය
Extra Oral Dry Time ,storage medium ,open apex / closed apex කරුණු මත පදනම්ව තීරණය කෙරේ.
📌 රෝගියාට ලබාදෙන උපදෙස් මොනවාද?
🔹 සති 2 ක් මෘදු ආහාර භාවිත කරන්න
🔹 යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න
⚠️ සිදුවිය හැකි පසුකාලීන ප්‍රතිවිපාක (Sequelae) මොනවාද?
හොඳම ප්‍රතිකාර ලැබුවද, සමහර අවස්ථාවල දිගුකාලීන ගැටලු ඇතිවිය හැක:
🔸 Root resorption (ප්‍රධානතම ගැටලුව)
🔸 ආසාදන ඇතිවීම (Infections)
🔸 දතේ ඡීවය නැතිවීම (Non vital tooth)
🔸 දතේ වර්ණය වෙනස් වීම (Discolouration)
🔸 දත අහිමි වීම (Tooth loss)
✅ මුල් අවස්ථාවේ නිවැරදි කළමනාකරණය
මෙම ගැටලු වැළැක්වීමට හෝ අඩු කිරීමට ඉතා වැදගත්ය.