MOH Office Hasalaka

MOH Office Hasalaka Medical & Health
නීරෝගී පරපුරක් වෙනුවෙන් 🌹❤

🔴 2026 පොසොන් පෝහෝය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවා...
18/06/2026

🔴 2026 පොසොන් පෝහෝය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

🔴 දැනුවත් වීම සදහා කරුණු කිහිපයක්....

💠 දන්සැල සදහා පිරිසිදු පානීය ජලය භාවිතා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂිතව ජලය ගබඩා කර ගැනීම කළ යුතුය. දූෂණය වීම අවම කර ගත යුතුය

💠 අපජලය ක්‍රමානුකූලව බැහැරලීම කළ යුතුය. අපජලය එකතු වන ස්ථාන දන්සැල පවත්වා ගෙන යන කාලය තුල නිරන්තරයෙන් සෝදා පිරිසිදු කිරීම කළ යුතුය. අපවිත්‍ර ජලය මාර්ගය ඔස්සේ ගලා යාමට සැලැස්වී නොකළ යුතුය

💠 දන්සැලින් එකතුවන කසළ වර්ග කිරීමත්,එකතු කිරීමට ප්‍රමාණවත් පියන සහිත කසළ බදුන් හෝ බෑග් භාවිතා කළ යුතුය.

💠 දන්සැල පැවැත්වීමෙන් පසු පෙර තිබූ පරිදි ස්ථානය පිරිසිදු කිරීම කළ යුතුය.

💠 දන්සැල සදහා දායක වන සෑම තැනැත්තෙකුම පුද්ගලික ස්වස්ථාවය ආහාර ස්වස්ථාව සනීපාරක්ෂාව පිළිබද ඉහළ මට්ටමින් ක්‍රියා කළ යුතු අතර ආහාර විෂවීම් ඇති නොවීමට වග බලා ගත යුතුය.

💠 දන්සැල් පරිශ්‍රය තුල බුලත් විට සැපීම, දුම්පානය කිරීම බීමත්ව හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.

💠 කිසියම් බෝවන රෝගයකින් පෙළෙන්නෙකු, චර්ම රෝගයකින් පෙළෙන්නෙකු දන්සැල් කාර්ය මණ්ඩලය සදහා සභාභාගි කරවා නොගත යුතු අතර දන්සැල් පරිශ්‍රය තුල රැදි සිටීමද නොකළ යුතුය.

🔴 බත් / කඩල/නුඩ්ලස් /පාන්/රෝටි දන්සැල සඳහා කොන්දේසි

1. ආහාර පිසින ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

2. වැසිකිළි අසළ හා කාණු උඩ හෝ අසල ආහාර පිසීම නොකළ යුතුය.

3. ආහාර පිළියෙල කිරීමට ගන්නා සියලුම භාණ්ඩ හා උපකරණ සබන් දා හොදින් සෝදා පිරිසිදු කර භාවිතා කළ යුතුය.

4. ආහාර පරිහරණය කරන්නා හොදින් සබන්දා අත් සේදීම කළ යුතු අතර ප්‍රමාණවත් සබන් සපයා තිබිය යුතුය.

5. පිරිසිදු ඇදුම් පැලද සිටිය යුතුය. නිළ ඇදුමක් ලබාදීම වඩාත් උචිතය.

6. සෑම අවස්ථාවකදීම මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීමට වසා තැබිය යුතුය.

7. කුණු කසළ විවෘතව නොතබා පියන සහිත බදුන් වල බහාලිය යුතුය. අප ජලය ක්‍රමාණුකූලව බැහැරලිය යුතුය.

8. දන්සැල්හි ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

🔴 අයිස් ක්‍රීම් / කෝපි දන්සැල සදහා කොන්දේසි

1. අයිස් ක්‍රීම් නියමිත උෂ්ණත්වයේ ශිතකරණ වල ගබඩා කර තැබිය යුතුය.

2. ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

3. කෝපි/බෙලිමල්/කොත්තමල්ලි සඳහා භාවිතා කරන කෝප්ප හොදින් ගලා යන ජලයෙන් සෝදා පිරිසිදු කළ යුතුය.

4. ප්‍රමාණවත් කසළ බදුන් තිබිය යුතුය.

Copied
🟢දන්සල් ලියාපදිංචිය සදහා 🟠 https://docs.google.com/forms/d/e/1FAIpQLSeVL_6dufpPmyAGxoqlB68AkNZpOs2rLD-hpIFMvZDfrBQq9A/viewform?usp=sharing&ouid=108108167911798704970

#දන්සැල්

29/05/2026
29/05/2026

💥මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ වල උපදෙස් මත, වර්තමාන වසංගත රෝගී තත්ත්වය මත එළබෙන වෙසක් පෝහෝය නිමිත්තෙන් ලබා දෙනු ලබන සියලුම ආකාරයේ සිසිල් බීම දන්සල් පැවැත්වීම නැවැත්වීම සදහා උපදෙස් ලබා දී ඇත.ඒ හේතුවෙන් සිසිල් බීම දන්සල් නැවැත්වීමට කටයුතු කර ඇත. ඒ සදහා සැදැහැවත් ප්‍රදේශවාසී ඔබගේද සහයෝගය බලාපොරොත්තු වන අතර, වෙසක් පෝහෝ දින හා පසුදින පැවැත්වෙන අනුමැතිය ලබා නොගත් සියලුම සිසිල් බීම දන්සල් කණගාටුවෙන් වුවද නැවැත්වීමට කටයුතු කරනු ඇත.

29/05/2026

🚨 විශේෂ මහජන දැනුවත් කිරීමයි! - හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 🚨

මේ දිනවල කුඩා දරුවන් අතර
එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් (Enterovirus Meningitis)නමැති වෛරස් රෝගී තත්ත්වය පැතිර යමින් පවතී.
විශේෂයෙන්ම එළඹෙන දන්සල් සමයේ සහ ජනාකීර්ණ ස්ථානවලදී මෙම වෛරසය ඉතා පහසුවෙන් ව්‍යාප්ත විය හැක. අපගේ දරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අප සැමගේ වගකීමකි.

මොකක්ද මේ රෝගය?
මෙය මොළය සහ සුෂුම්නාව වටා ඇති ආරක්ෂිත පටල ආසාදනයට ලක්වන වෛරස් ආසාදනයකි. එන්ටරෝවෛරස් මගින් බෝවන මෙම තත්ත්වය රෝගියෙකුගෙන් තවත් අයෙකුට පහසුවෙන් ව්‍යාප්ත විය හැක. දරුවන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

රෝගය බෝවන්නේ කෙසේද?
* අපවිත්‍ර වූ ආහාර හා ජලය පරිභෝජනය කිරීම මගින්.
* දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ රෝගීන් සමග සමීපව ඇසුරු කිරීම මගින්.

ප්‍රධාන රෝග ලක්ෂණ:
වෛරසය ශරීරගත වී දින 3ත් 7ත් අතර කාලයකදී ලක්ෂණ මතුවේ. උණ, හිසරදය, වමනය හෝ වෙනත් අපහසුතාවයන් මූලිකව දැකගත හැක.

⚠️ මෙවැනි අවදානම් ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න:
* බෙල්ලේ තද ගතිය (Stiff neck)
* අධික හිසරදය
* ව්‍යාකූල බව, නිදිමත ගතිය හෝ වලිප්පු තත්ත්වයන් (Seizures)

🛡️ දන්සල් වලදී සහ එදිනෙදා ජීවිතයේදී අනුගමනය කළ යුතුම සෞඛ්‍ය පුරුදු:

දන්සල් සංවිධායකයින්ගේ විශේෂ අවධානයට: පානය සඳහා ලබා දෙන ජලය මෙන්ම ආහාර පිළියෙළ කිරීමට ගන්නා ජලයද හොඳින් නටවා නිවාගත් පිරිසිදු ජලයම පමණක් භාවිත කරන්න.
* කෑමට පෙර සහ පසු අනිවාර්යයෙන්ම සබන් යොදා දෑත් පිරිසිදුව සෝදන්න.
* ඔබට හෝ දරුවාට යම් අසනීප තත්ත්වයක් දැනේ නම් දන්සල් සහ ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වළකින්න. අන් අය සමඟ සමීපව ඇසුරු කිරීමෙන් වළකින අතරම නිවසේ රැඳී සිටිමින් විවේක ගන්න.
* කහින විට සහ කිවිසුම් යවන විට වැලමිට හෝ ලේන්සුවකින් මුඛය ආවරණය කරගන්න.
* පොදුවේ පරිහරණය කරන මතුපිටවල් නිතර පිරිසිදු කරන්න.
නිසි පියවර ගැනීමෙන් බහුතරයක් දෙනා මෙම රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබති. එබැවින් අනවශ්‍ය ලෙස කලබල නොවී නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

මහජන සෞඛ්‍යය සුරැකීමට ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි!

වැඩිදුර තොරතුරු සහ උපදෙස් සඳහා හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) නිලධාරීතුමා අමතන්න.

29/05/2026
හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ලියාපදිංචි අනුමත වෙසක් දන්සල් 2026/05/28* සව් කැද දන්සල - හඳගනාව  මකුළුමුලයාය බෝ ගහ...
28/05/2026

හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ලියාපදිංචි අනුමත වෙසක් දන්සල්

2026/05/28

* සව් කැද දන්සල - හඳගනාව මකුළුමුලයාය බෝ ගහ අසල

2026/05/30

* බෙලිමල් සමග උක් හකුරු - හඳගනාව ශ්‍රී ඉන්දාරාමය පන්සල අසල (ප.ව.04.00)
* බෙලිමල් සමග හකුරු - 165/1,ගුරුළුපොත,හසලක (ප.ව.05.00)
* එළකිරි - හසලක පශූ වෛද්‍ය කාර්‍යාලයේ (පෙ.ව.10.00)
* බිස්කට් සමග ඉගුරු කොත්තමල්ලි - E.M.C වෙළෙඳසැල,5 ඇළ,හසලක (ප.ව.04.00)
* බෙලිමල් සමග හකුරු / බිස්කට් - රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල (ප.ව.05.00)
* සව් දන්සල - කෙන්ගොල්ල ඇළ හන්දිය (පෙ.ව.10.30)
* සව් දන්සල - 7 ඇළ (ප.ව.03.30)
* තැම්බූ මඤ්ඤොක්කා අල සහ කොළ කැද - කීණපැලැස්ස අලිකන්ද අසල
*තැම්බූ මඤ්ඤොක්කා සමග ලුණු මිරිස් -
වේරගංතොට,පාලම් හන්දිය (පෙ.ව.10.00)
* කඩල - පොලිසිය ඉදිරිපිට ,හසලක (පෙ.ව.10.00)
* තම්බන ලද කඩල - කොටිකාපොලලන්ද,හසලක (පෙ.ව.10.00)
* කඩල - එරංග හාඩ්වේයාර්,4 ඇළ (පෙ.ව.10.00)
* කඩල - 7 ඇළ හන්දිය (පෙ.ව.10.00)
* කඩල - 137,වේරගම,වේරගංතොට (පෙ.ව.11.00)
* කඩල දන්සල - උඩත්තව (පෙ.ව.10.30)
* කඩල දන්සල - ජයසිංහ TEXT අසල,පුඩළුගස්‍ යාය ප්‍රජා ශාලාව අසල (පෙ.ව.10.00)
* කඩල දන්සල - සමෘද්ධි ප්‍රජා මුල බැංකුව මොරයාය (පෙ.ව.10.30)
* බත් දන්සල - ජයසිරි නිවස,45 ඇළ,වේරගම (පෙ.ව.11.30)
* බත් දන්සල - හඳගනාව නගර මධ්‍යයේ (ප.ව.12.00)
* එළවලු බත් දන්සල - 25 ඇළ ප්‍රජා ශාලාව (පෙ.ව.11.30)
* ප්‍රයිඩ් රයිස් - ලෑන් කඩේ අසල ,මහායාය ,උල්පතගම (ප.ව.12.00)
* පොල් රොටි දන්සල - පල්ලේවත්ත වතුර කඩේ අසල (පෙ.ව.10.00)
* රෝටි සමග කොස් - වරාගොල්ල/බටහිර මංසන්ධියේ (පෙ.ව.10.00)
* පොල් රොටි දන්සල - උඩවෙල හන්දියේ (පෙ.ව.10.00)
* රොටි දන්සල - 35 ඇළ,මොරයාය (පෙ.ව.10.00)
* රොටි දන්සල - මීගොල්ල ප්‍රජා ශාලාව (පෙ.ව.10.00)
* පාන් සමග සීනී සම්බල් - ඇටඹගොල්ල ප්‍රජා ශාලාව (ප.ව.01.00)
* සැන්විචස් පාන් - පල්ලේවත්ත පාසල ඉදිරිපිට (පෙ.ව.10.00)
* අයිස්ක්‍රීම් - දෙගල් බිත්තිය හන්දිය (ප.ව.01.00)
* අයිස්ක්‍රීම් - මාවීකන්ද (ප.ව.03.00)
* අයිස්ක්‍රීම් - 7 ඇළ එළවලු කඩේ අසල (පෙ.ව.10.00)
* අයිස්ක්‍රීම් - මහයාය,උල්පතගම (පෙ.ව.09.00)
* අයිස්ක්‍රීම් - නිදහන්ගොඩැල්ල මංසන්ධියේ (පෙ.ව.10.00)
* අයිස්ක්‍රීම් - උඩවෙල බැංකුව අසල (පෙ.ව.10.00)
* අයිස්ක්‍රීම් - නිස්කෝ,පොලිසිය ඉදිරිපිට ,හසලක (පෙ.ව.10.00)
* අයිස්ක්‍රීම් - හිඹුටුවගම ප්‍රජා ශාලාව අසල (ප.ව.03.00)
* අයිස්ක්‍රීම් - දියබෙදුම මඩුගල්ල නිවස අසල (පෙ.ව.10.30)
* අයිස්ක්‍රීම් - පොලිසිය ඉදිරිපිට, හසලක (පෙ.ව.10.30)
* අයිස්ක්‍රීම් - 35 හන්දිය ,මොරයාය (පෙ.ව.11.00)
* අයිස්ක්‍රීම් - පොඩි පාලම අසල හිඹුටුව (පෙ.ව.09.00)
* අයිස්ක්‍රීම් - පිඹුරාගල (පෙ.ව.10.30)
* අයිස්ක්‍රීම් - 2 කණුව ,මොරයාය
* අයිස්ක්‍රීම් - මහ අස්සැද්දුම හන්දිය අසල (පෙ.ව.11.00)
* අයිස්ක්‍රීම් - මොරයාය බස් නැවතුම්පොළ අසල (පෙ.ව.10.00)
* මාළු පාන් දන්සල - කොලොංගොඩ පාසල අසල (පෙ.ව.10.30)
* මැකරෝනි/නුඩ්ලස් - 1 ඇළ,හසලක (ප.ව.03.00)
* කිරි කෝපී - පොලිසිය ඉදිරිපිට හසලක ,(ප.ව.06.00)
* ඉරිගු - සාගර වී මෝල අසල ,7 කණුව අඹගහපැලැස්ස (පෙ.ව.10.00)
* මාළු බනිස් සමග බෙලිමල් දන්සල - බරවර්ධනඔය හන්දිය (පෙ.ව.10.00)
* අයිස්ක්‍රීම් - 17 ඇළ ගාමන්ට් එක අසල (පෙ.ව.11.00)

2026/05/31

* නුඩ්ලස් / අයිස්ක්‍රීම් - 19 ඇළ 19/11 බෝධිය අසල (පෙ.ව.10.00)
*කිරිබත් සමග ලුණු මිරිස් - දියබෙදුම,මඩුගල්ල නිවස අසල (පෙ.ව.10.30)
* තැම්බූ මඤ්ඤොක්කා සමග ලුණු මිරිස් - පල්ලේවත්ත පාසල අසල (පෙ.ව.10.00)
* නුඩ්ලස් - අතුල නිවස අසල කාණියාගල (ප.ව.06.00)
* බත් දන්සල - වේවරේ ගම (ප.ව.12.00)
* පැණි කොමඩු දන්සල - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හසලක (ප.ව.02.00)
* අයිස්ක්‍රීම් - පිඹුරාගල මංසන්ධිය (පෙ.ව.11.00)

දන්සල් වෙත යන ඔබ කසල නිසි ලෙස බැහැර කරන ලෙසත්,මේ දිනවලදී පැතිර යන උණ රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිලිපදින ලෙසත් හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දැනුවත් කරන අතර අවශ්‍ය තොරතුරු සදහා හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විමසා තොරතුරු ලබාගන්න.

13/05/2026

🔴 2026 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

🔴 දැනුවත් වීම සදහා කරුණු කිහිපයක්....

💠 දන්සැල සදහා පිරිසිදු පානීය ජලය භාවිතා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂිතව ජලය ගබඩා කර ගැනීම කළ යුතුය. දූෂණය වීම අවම කර ගත යුතුය

💠 අපජලය ක්‍රමානුකූලව බැහැරලීම කළ යුතුය. අපජලය එකතු වන ස්ථාන දන්සැල පවත්වා ගෙන යන කාලය තුල නිරන්තරයෙන් සෝදා පිරිසිදු කිරීම කළ යුතුය. අපවිත්‍ර ජලය මාර්ගය ඔස්සේ ගලා යාමට සැලැස්වී නොකළ යුතුය

💠 දන්සැලින් එකතුවන කසළ වර්ග කිරීමත්,එකතු කිරීමට ප්‍රමාණවත් පියන සහිත කසළ බදුන් හෝ බෑග් භාවිතා කළ යුතුය.

💠 දන්සැල පැවැත්වීමෙන් පසු පෙර තිබූ පරිදි ස්ථානය පිරිසිදු කිරීම කළ යුතුය.

💠 දන්සැල සදහා දායක වන සෑම තැනැත්තෙකුම පුද්ගලික ස්වස්ථාවය ආහාර ස්වස්ථාව සනීපාරක්ෂාව පිළිබද ඉහළ මට්ටමින් ක්‍රියා කළ යුතු අතර ආහාර විෂවීම් ඇති නොවීමට වග බලා ගත යුතුය.

💠 දන්සැල් පරිශ්‍රය තුල බුලත් විට සැපීම, දුම්පානය කිරීම බීමත්ව හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.

💠 කිසියම් බෝවන රෝගයකින් පෙළෙන්නෙකු, චර්ම රෝගයකින් පෙළෙන්නෙකු දන්සැල් කාර්ය මණ්ඩලය සදහා සභාභාගි කරවා නොගත යුතු අතර දන්සැල් පරිශ්‍රය තුල රැදි සිටීමද නොකළ යුතුය.

🔴 බත් / කඩල දන්සැල සඳහා කොන්දේසි

1. ආහාර පිසින ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

2. වැසිකිළි අසළ හා කාණු උඩ හෝ අසල ආහාර පිසීම නොකළ යුතුය.

3. ආහාර පිළියෙල කිරීමට ගන්නා සියලුම භාණ්ඩ හා උපකරණ සබන් දා හොදින් සෝදා පිරිසිදු කර භාවිතා කළ යුතුය.

4. ආහාර පරිහරණය කරන්නා හොදින් සබන්දා අත් සේදීම කළ යුතු අතර ප්‍රමාණවත් සබන් සපයා තිබිය යුතුය.

5. පිරිසිදු ඇදුම් පැලද සිටිය යුතුය. නිළ ඇදුමක් ලබාදීම වඩාත් උචිතය.

6. සෑම අවස්ථාවකදීම මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීමට වසා තැබිය යුතුය.

7. කුණු කසළ විවෘතව නොතබා පියන සහිත බදුන් වල බහාලිය යුතුය. අප ජලය ක්‍රමාණුකූලව බැහැරලිය යුතුය.

8. දන්සැල්හි ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

🔴 අයිස් ක්‍රීම් / කෝයි / සිසිල් බීම දන්සැල සදහා කොන්දේසි

1. අයිස් ක්‍රීම් නියමිත උෂ්ණත්වයේ ශිතකරණ වල ගබඩා කර තැබිය යුතුය.

2. ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

3. කෝපි හා සිසිල් බීම සඳහා භාවිතා කරන කෝප්ප හොදින් සෝදා පිරිසිදු කළ යුතුය.

4. ප්‍රමාණවත් කසළ බදුන් තිබිය යුතුය.

Copied
🟢දන්සල් ලියාපදිංචිය සදහා 🟠 https://docs.google.com/forms/d/e/1FAIpQLSeVL_6dufpPmyAGxoqlB68AkNZpOs2rLD-hpIFMvZDfrBQq9A/viewform?usp=sharing&ouid=108108167911798704970

#දන්සැල්

🔴 හදිසි උපත් පාලන පෙති (Emergency Contraceptive Pills) පිළිබඳව ඔබ දැනුවත්ද?බොහෝ දෙනා අතර විවිධ මත පවතින "පොස්ටිනෝ" (Post...
15/02/2026

🔴 හදිසි උපත් පාලන පෙති (Emergency Contraceptive Pills) පිළිබඳව ඔබ දැනුවත්ද?

බොහෝ දෙනා අතර විවිධ මත පවතින "පොස්ටිනෝ" (Postinor) වැනි හදිසි උපත් පාලන පෙති (ECP) භාවිතය පිළිබඳව නිවැරදි සෞඛ්‍යාරක්ෂිත තොරතුරු සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවයකි.

මෙය සාමාන්‍ය පවුල් සැලසුම් ක්‍රමයක් නොවන අතර, හදිසි අවස්ථාවකදී පමණක් භාවිතා කළ යුතු ඖෂධයකි.

📌 මෙය භාවිතා කළ යුත්තේ කවදාද?

මෙය "Plan B" එකක් හෙවත් අමතර විකල්පයක් ලෙස පමණක් භාවිතා කරන්න.

✅ අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ විට.

✅ භාවිතා කළ උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වූ විට (උදා: කොන්ඩම් එකක් ගැලවී යාම).

✅ නිත්‍ය උපත් පාලන පෙති (Mithuri වැනි) ගැනීමට අමතක වූ විට.

✅ දූෂණයකට හෝ බලහත්කාරී ලිංගික එක්වීමකට ලක් වූ විට.

📌 මෙය ශරීරය තුළ ක්‍රියා කරන්නේ කෙසේද?

මෙහි අඩංගු හෝමෝන මගින් ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් පිටවීම (Ovulation) ප්‍රමාද කිරීම හෝ වැළැක්වීම සිදු කරයි.

⚠️ විශේෂ අවධානයට: මෙය ගබ්සා පෙත්තක් (Abortion Pill) නොවේ. දැනටමත් ගැබ්ගෙන ඇති අයෙකු මෙය පානය කිරීමෙන් ගබ්සාවක් සිදු නොවේ.

📌 නිවැරදි භාවිතය

අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පසු පැය 72ක් (දින 3ක්) ඇතුළත පළමු පෙත්ත ලබාගත යුතුය. එය ප්‍රමාද වන විට සාර්ථකත්වය අඩුවන බැවින් හැකි ඉක්මනින් (පැය 12ක් ඇතුළත) ලබා ගැනීම වඩාත් ප්‍රතිඵලදායකයි.

📌 දැනගත යුතුම කරුණු:

⛔ මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STDs / HIV) වලින් ඔබව ආරක්ෂා නොකරයි.

⛔ මෙය නිතර භාවිතා කිරීම සුදුසු නැත. එය ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් ඇති කළ හැක.

💡 අපගේ පණිවිඩය:

ඔබට නිත්‍ය පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍ය නම්, ඒ සඳහා විවිධ ආරක්ෂිත ක්‍රම අප කාර්යාලය මගින් හෝ ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය (Midwife) මගින් නොමිලේ ලබා ගත හැක. හදිසි පෙති මත පමණක් යැපීම නුවණට හුරු නැත.

සෞඛ්‍ය සම්පන්න දිවියක් උදෙසා නිවැරදි තොරතුරු දැනගනිමු!

Address

Moh Office , Hasalaka
Kandy

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Hasalaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share